රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා

dhammika erera

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘මව්රට වෙබ් අඩවිය’ ප්‍රකාශ කරන්නේ ලංකාවේ මතුව ඇති අර්බූදයේ සියලු කොටස් ඩොලර් අර්බූදය සමග ගැටගැසී ඇති බැවින් එම අර්බූදය විසඳිය නොහැකි මුදල් ඇමැතිවරයකු රට තුළ සිටීම භයානක තත්ත්වයක් බව ධම්මික පෙරේරා ප්‍රකාශ කළ බවය. රනිල් වික්‍රමසිංහ හට මුදල් අමාත්‍යවරයා වශයෙන් රටට ඩොලර් ගෙන ඒම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව තහවුරුවී ඇති බව ද දැනුවත්ව…

Read More

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

ranil wickramasinghe

මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ පහකට වැඩියි. මේ වසරේ ජූලි දෙසැම්බර අතර ඩොලර් බිලියන 3ක විදේශ ණය ගෙවිය යුතුයි. ගෙවිය යුතු ණය වසර අනුව පහත දැක්වෙනවා. 2023 ඩොලර් බිලියන 6 2024 ඩොලර් බිලියන 5 2025 ඩොලර් බිලියන 6 2026 ඩොලර් බිලියන 4 2027 ඩොලර් බිලියන 4 ගෙවිය යුතු ණය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 28ක් වෙනවා. රජයේ මුළු…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි

imf loan inflation in sri lanka ranil wickramasinghe

– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වීම මේ මොහොතේ දේශපාලනීක වශයෙන් වැදගත් වීමට හේතු ශ්‍රී ලංකාව සමග ජා.මූ.අ. නියෝජිත පිරිස විසින් පවත්වන ලද දසදින සාකච්ඡාවලින් අනතුරුව කිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් විය: “මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත්  කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.” “In this context, discussions focused on designing a comprehensive economic program to correct the macroeconomic imbalances, restore public…

Read More

වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම

– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්. “ඉතාම මතු පිට තලයේ දී, යෝජනා කරන්නේ අපේ රටේ ග්‍රාමීය කෘෂිකර්මය ප්‍රතිසංස්කරණය විය යුතු බවයි. එහිදී අප නවීන ලෙස සිතන්න බිය නොවිය යුතු බවයි. ‘වී’ යනු සම්ප්‍රදායික ගතානුගතික සමාජය නියෝජනය කරන හැඟවුම්කාරකයක් වන්නේ නම් රෝස’ යනු නූතනත්වය, අනාගතය, විකල්පය හඟවන වචනයකි. නැවතත්, ‘රෝස’ යන්න 90 දශකයෙන් පසුව පශ්චාත්-නූතන වෙළඳ සංකේතයක් ලෙස ජාන විකෘතියකට ලක් වුවත්, 90 දශකයේ…

Read More

ආණ්ඩුව පලවාහැරීමට කාලය පැමිණ තිබේ!

gotabaya-rajapaksa-ranil-wickramasinghe-sri-lankan-politics-today

-ශිරාල් ලක්තිලක- ප්‍රාථමික වන්නේ රටද? බලයද? ජුනි මාසය වනවිට රටේ උද්ගතවු පුරවැසි අරගලය උච්ඡයට ජුනි 9 දා පැමිණියේය. අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් සමගම ඇතිවු දේශපාලනික හා ආණ්ඩුකරණ රික්තය පිරවීමට අප යෝජනා කොට සිටියේ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් මීළඟ ජාතික මැතිවරණය පවත්වන තෙක් පිහිටුවන ලෙසටය. එසේම ගෝඨාභය ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව පිළිගන්නා නමුත් එසේ ඉල්ලා අස්වීම සඳහා සාධාරණ කාලවකවානුවක් ලබාදී එතෙක් රටේ පාලන බලය පාර්ලිමේන්තුව විසින් මෙහෙයවන විධායක කමිටු ක්‍රමයකට භාරදෙන ලෙසට අප කියා සිටියේය. එවැනි ඉල්ලීමක් යථාර්තයක් කරගැනීම සඳහා 20 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක රජකු බවට පත්කෙරුණු ජනාධිපතිගේ…

Read More

අනුර, සජිත් පාර්ලිමේන්තුව මඟ හරින්නේ ඇයි?

Read More

රනිල් වික්‍රමසිංහ : ගෝඨාභයගේ හොඳම මාධ්‍ය ප්‍රකාශක

-කේ. සංජීව- ගෝඨා ගෝ හෝම් කියලා මිනිස්සු පාරට බැස්සේ නිකමට ගෙවල්වලට වෙලා ඉන්න බැරිකමට නෙවෙයි, මෙතෙක් ගතකරපු සුවපහසු ජීවිතය ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය විසින් අවසන් කරපු නිසා. මිනිස්සුන්ට උයන් කන්න ගෑස් නැතිවුණ නිසා. තෙල් පෝලිම්වල දවස ගතකරන්න සිද්ධවුණ නිසා. ආහාර අර්බුදයක් ඉස්සරහට එනවා කියලා දසතින් ඝෝෂාවක් නැඟුන නිසා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පවුලේ සැම බිත්තියට හේත්තු කළාම රනිල් වික්‍රමසිංහ පස්ස දොරෙන් ගිහිං අගමැතිකම භාරගත්තා. මේ භාර ගැනිල්ල අස්සේ දවසකට හරි ජනාධිපති පුටුවට ගොඩවෙන්න අවස්ථාව දෙනවා කියන එකඟතාවය ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා. කොහොමහරි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවට රූපාන්ත්‍රනය කළේ වෙන දේකට…

Read More

කොරා පිට අන්ධයා නැගීම

Samagi Jana Balawega and Jathika Jana Balawegaya against Prime Minister Ranil

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි…

Read More

හිරුණිකා අගමැති නිවස වටකරයි!

Hirunika Premachandra raids Prime Minister Ranil Wickremesinghe residence

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය සමග කුස්සියේ ලිප පත්තු කිරීමේදී දැනෙන පීඩාවට එරෙහිව මේ ආකාරයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධය පළ කරමින් සිටියි.

Read More

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසන් කොටස) දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස දකින්නේ සිය පවුල හෝ පුද්ගලිකව මුහුණ දෙන ප්‍රශ්නයි. ඔවුන් අවංකව, සැබෑවටම සක්‍රීයව දායක වන්නේ සිය පුද්ගලික ප්‍රශ්න වලදීය. ඒ ප්‍රශ්න විසඳීමට ඇති උනන්දුව, කාලය, අනුරාගිකත්වය, කොන්දේසි විරහිත කැපවීම හෝ අවදානම ගැනීම දේශපාලන ප්‍රශ්න වලදී සිදුකරන්නේ නැත. දේශපාලනය රැඩිකල්ව හෙවත් පදනම් සහගතව වෙනස් කිරීමට අවශ්‍ය නම් කලයුතු පළමු පියවර වන්නේ ‘දේශපාලනය’ යනු සිය ආශාව හා බැඳුණු…

Read More