රටට ඩොලර් උපයන කම්කරුවන්ගේ ජිවිත ගැන වගකීම අද ඔවුන්ටම පැවරිලා – චමිලා තුෂාරී

රටට ඩොලර් ඉපයීම සඳහා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් කටයුතු කරන නමුත් අද වන විට ඔවුන්ගේ ජිවිත වල වගකීම ඔවුන්ටම දරා ගැනීමට සිදුව ඇතැයි ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ වසර එක හමාරක් පුරා සිය අයිතිවාසිකම් අහිමි කර ගනිමින් රටට ඩොලර් ඉපයීම සඳහා බරපතල අභියෝග වලට මේ වන විට නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් ලක් වෙමින් සිටින බවය. මුලු රටම ලොක්ඩවුන් කළත් ඔවුන්ට ඒ් නිදහස අහිමිව ගොස් ඇති බව අවධාරණය කරන ඇය පවසන්නේ අද වන විට රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔවුන්ගේ ජිවිත වල…

Read More

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන් කළේ නැත. නමුත් ඔහු ඊයේ රටේ ජනතාව අමතන අවස්ථාවේ පවා මෙරට ජනතාව අසීමිත ලෙස කැපකිරීම් කරමින් සිටි බව ඔහු අමතක කර ඇත. මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ 6985 ක් සිදුව ඇත. මේ…

Read More