බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

prisoners 165 deaths in 2019 Department of Prisons

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත. එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11…

Read More

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!

The government says it has video facilities to testify in 28 prisons

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර තිබුනේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බල පෑ කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මේ වන විට අභියාචනාධිකරනයේ විභාග වන තම  නඩු කටයුතු නතර වී ඇති  අතර ඒවා  කඩිනමින් අවසන් කිරීමට නොහැකිනම් තමන්ට ඇප ලබා දෙන ලෙසයි. බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව  පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවීමට පසුව ඔහු ක්‍රියා කර තිබුනි. කොවිඩ් වෛරසය හමුවේ වුවද රට…

Read More

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

“Attempt to destroy evidence” of Mahara massacre

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ. අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් මාස දෙකකට අධික කාලයක් තිස්සේ  සිය  පුතු නිදහස් නොකොට රදවාගෙන සිටින බවට එක් පියකු චෝදනා කළේ රැඳවියන්ට හිංසා කිරීම වහා නවතනු තේමාව පෙරටු කරගනිමින් ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට දියත්…

Read More

දේශපාලන සිරකරුවෙකු වන දේවදාසන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව නවතියි.

Devadasan, a political prisoner, has suspended his hunger strike

පසුගිය දින 10 ක කාලය තුළ ආහාර වර්ජනය කිරීමේ අරගලයක් සිදු කළ දේශපාලන සිරකරුවෙකු වන කනකසබේ දේවදසන් නොහොත් නාඩන්  බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව  පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවා තිබේ. අභියාචනා නඩුවේ කඩිනම් නඩු විභාගයක් කළ නොහැකි නම් තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නිව් මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවෙකු වන ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන කනකසබේ දේවදසන් (වයස 64) ජනවාරි 6 සිට උපවාසයක යෙදී සිටී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වූ අතර ඊයේ (16)  දින පෙරවරු 10 ට බන්ධනාගාර අධිකාරී සහ සහකාර අධිකාරී සහ දේවදසන් අතර…

Read More

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?

Mahara prison shooting 11 prison inmates die

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක අමාත්‍යවරයා වෙත භාර දී තිබුණි. එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණේ රැඳවියන්ගේ ආරක්ෂාව පතා සිදු කළ  මෙම උද්ඝෝෂණය සාධාරණ බවය. ඊට  හේතු ලෙස සඳහන් කර තිබුණේ රැඳවියන් අතර කොවිඩ් ව්‍යාප්තිය, බන්ධනාගාර තදබදය, ආහාර ගැටළුව, පානීය ජල…

Read More

අපරාධ කරන නිලධාරීන්ට පුර්ණ ආරක්ෂාවක් ලැබෙනවා – පිලිප් දිසානායක

Philip Dissanayake Right to Life Human Rights Centre

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන්  (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතව විසින් පවත්වන ලද සංවාද මණ්ඩපයේදීය. මෙය ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. එහිදී වැඩිදුරටත් කථා කළ පිලිප් දිසානායක මහතා, “රටක් ලෙස විශාල  වශයෙන් මානව හිමිකම් ගැටළු රැසක් සම්බන්ධයෙන් මුහුණ දෙමින් සිටින අවස්ථාවක් මෙය. පහුගිය 29 දා පෝය දවසේ සිදු…

Read More

අබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද? – තුෂ් වික්‍රමනායක සභාපතිනී – ළමා හිංසනයට තිත සංවිධානය

 

Read More

සිරකරුවන්දෙස මානුෂීයව බලන්න. ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් …

In connection with prisons Gotabaya Rajapaksa

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි. බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා බලධාරීන්ට එසේ උපදෙස් දී ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින හෙයින්  ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර තිබේ. බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල්…

Read More

රැඳවියන්ට  ආත්ම ගරුත්වයක් සමඟ ජීවත් වීමේ අයිතියක් ලබා දී  නැහැ! –  ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

international human rights day 2020 visakesa chandrasekaram

රැඳවියන්ව ගාල් කර තැබීමෙන් කොරෝනා වැනි වසංගයක් පැතිර යන අවස්ථාවක ඔවුන්ට ජීවිත බයක්  ඇති වෙන නමුත්  මේ රජය ඉතාම නොසැලිකිමත් ආකාරයෙන් ඔවුන්ට හිමි ජීවත් වීමේ අයිතිය අහිමි කර දැමීමේ තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් අද (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතුව විසින් කොළඹ ජානක හෝටලයේ  පවත්වන ලද සංවාද මණ්ඩපයේදීය. නීති විරෝධි ඝාතන සම්බන්ධව රජයේ සහ අපේ වගකීම යන මැයෙන් මෙවර මානව හිමිකම් දිනය සැමරු අතර මෙහි විශේෂත්වය වුයේ සියලු…

Read More