අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

anuradahapura prison

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය. බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි LTTE සැකකරුවන්ගේ පරිසක් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ. පැමිණි මුල් අවස්ථාවේදී  එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට…

Read More

ලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ  – අම්බිකා සත්ගුණනාදන්

ambika satkunanathan mandela rules rights of prisoners

2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව  ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලද මෙහිදී සහාය කර ගන්නා ලදි.  මෙම ජාතික අධ්‍යයන වාර්තාව  මෙහෙය වුයේ එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සිටි  අම්බිකා සත්ගුණනාදන් මෙනෙවිය විසිනි. ඇය සිය අත්දැකීම් ශ්‍රී ලංකා බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කරන්නේද? යන මැයෙන් අයිතිය වෙබ් අඩවිය හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. බන්ධනාගාර වල තත්ත්වය කෙබඳුද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල මැන්ඩෙලා…

Read More

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!

prisoners rights in sri lanka asela sampath

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි. මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් මහතාව ගෙන ගොස් තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවය. ඒ මොහුට විරුද්ධව ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අසේල සම්පත් මහතාව පසු දින ඇප මත මුදා හැර තිබුණි. මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට…

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමිතීන් අනුගමනය කරනවාද? | Ambika Satkunanathan

Read More

දෙමළ දේශපාලන සිරකරුවන් 60 ක් තවමත් බන්ධනාගාරයේ – පා.ම. එස්. ශ්‍රීදරන්

tamil political prisoners in sri lanka MP Sritharan

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ දෙමළ දේශපාලන සිරකරුවන් 106 ක් නිදහස් කළ බවත් මේ වන විට තව සිරගතව සිටින්නේ 60 දෙනෙක් වැනි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් බවද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම නවරත්නම් වැනි 70 හැවිරිදි පුද්ගලයින් පවා තවමත් රඳවාගෙන සිටින බවත් මෙලෙස වයෝවෘද්ධ පුද්ගලයින් රඳවා ගැනීම අසාධාරණ බවද ඔහු පවසයි. මේ දේශපාලන සිරකරුවන් 60 නා නිදහස් කරන ලෙස ඉල්ලා විදේශ…

Read More

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

CID works illegally committee for protecting rights of prisoners

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ” කටයුතු කර  තිබෙන බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ බව සදහන් කළේ ජුනි 16 බදාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. නීතිඥයා‌ පවසන පරිදි පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් පල්ලේවත්ත ගමගේ  චමින්ද දිල්රුක් යන සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් කර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Read More

“දේශපාලන සිරකරුවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි” ඥාතීන් දෙමළ දේශපාලකයින්ගෙන් ඉල්ලයි!

tamil political prisoners in sri lanka covid pandemic situation

වසර ගණනාවක් තිස්සේ සිර ගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීම සඳහා ඔවුන් නිදහස් කරගැනීමට මැදිහත් වන්නැයි දෙමළ දේශපාලනඥයන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් “හඬක් නැතියවුන්ගේ හඬ” සංවිධානය සහ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් දෙමළ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා ඇත්තේ දේශපාලන සිරකරුවන්  නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කරන ලෙසයි. එම නිවේදනයේ  දැක්වෙන පරිදි මේ වන විට සිරගතව සිටින  දේශපාලන සිරකරුවන් ගණන 79 කි. ඒ අතරින් දේශපාලන සිරකරුවන් 40 දෙනකු කොළඹ මැගසින් බන්ධනාගාරයේත්, 27 දෙනකු අනුරාධපුර බන්ධනාගාරයේ තවත් 12 දෙනකු අනෙකුත් බන්ධනාගාර තුලත් රදවා සිටින බව “හඬක්…

Read More

බූස්සේ වධබන්ධන වලට එරෙහිව පැමිණිල්ලක්!

commissioner of prison committee for protecting rights of prisoners

පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් බුස්ස බන්ධනාගාරයේ සිරකරුවන්  දිගින් දිගටම විශාල වධ හිංසනයකට ලක් කරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරයි. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා විරෝධතාවයක් පවත්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  තුෂාර උපුල්දෙනිය වෙත සන්දේශයක් භාර දීමෙන් අනතුරුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අගනගරයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ රැඳවියන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවයි. බුස්ස බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර කිහිපයක පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් යොදවා සිරකරුවන් වධ හිංසනයකට ලක් කිරීම හෙලා දකින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම්…

Read More

වෙඩි තියන තැනට නොසන්සුන්තාවය හැදුවේ බන්ධනාගාර නිළධාරීන්!

committee for protecting rights of prisoners mahara prison mosque

මානව හිමිකම් ක්‍රියාකාරික සුදේශ් නන්දිමාල් සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමේදී අද තියෙන තත්වය ගැන මොකද හිතන්නේ ? බන්ධනාගාරය තුළ තිබෙන වධහිංසා තදබදය මෑත කාලයේ පටන් ගත්ත එකක් නොවේ එය ඈත අතීතයේ සිටම පවතින එකක්, අපිට ඒ ගැන කතා කරද්දී මතකයට නැගෙනවා නිමල රුවන්ලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරද්දී අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි ඔවුන්ට සළකපු හැටි. එම සිරකරුට නොයෙකුත් වධහිංසා කරලා අන්තිමේදී ඔහු ඝාතනයට ලක්කරා. මේ සියල්ලටම සම්බන්ධ වූ අයෙක් වර්තමාන බන්ධනාගාර අධිකාරියේ ද සිටිනවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරය තුළ  අගුනකොලපැලැස්ස බන්ධනාගාරය තුළ අමානුෂික ලෙස සිර කරුවන්ට කෙරෙන වධහිංසා පිළිබඳ වීඩියෝ පට…

Read More

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ

political prisoners in sri lanka

අජිත් පැරකුම් ජයසිංහ දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පසුගිය 10දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ. මේ පිරිසට වඩා විනාශකාරී ක්‍රියා කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස්වල සිටීමත් බන්ධනාගාරවල සිටින පිරිස වසර දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසාත් ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව සංගරී මහතා විසින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ. පොදු සමාව ලබාදීමේ බලය සහිත ජනාධිපතිවරයාට ලිපියක් නොලියා අගමැතිවරයාට ලිපියක්…

Read More