පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.

Political movements in sri lanka

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…

Read More

කොල්ලුරේ ගෙදර යවා වීරසුමන එයි.

අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලි සිටින ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් ගැන කථා කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගැන මෙරට බොහෝ දෙනා කථා කලේ අප්‍රසාදයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපතිවරයා වු ඔහුගේ ප්‍රකාශය එම පක්ෂයේද දැඩි විවේචනයට ලක්ව තිබුණි. ඒ් නිසා ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරිමට එම පක්ෂය පියවර ගෙන ඇත. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්‍යම කාරක සභාව…

Read More