පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා සය මසකින් ඉබේ අවලංගු වන ක්‍රමයක්!

sarath

පොලිස් නිලධාරීන්ට ඇති  දීර්ඝ කාලීන චෝදනා පත්‍ර  සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පෙන්වා  දෙන්නේ පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටි ඇත්තේ  තමන්ගේ රාජකාරිය හරියට කිරීමට ගොස් ඇති නිසා බවය. ඒ නිසා ඒ වගේ අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම  දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු සිටින බවත්  සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම්…

Read More

සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!

sarath

සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක  අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් ‌අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස පහුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි. එපමණක් නොව ඔහු මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලා සිටියේ පරික්ෂණ කඩිනම් කරන ලෙසටය. ඒ් අනුව අගමැතිවරයා පහුගිය 23 දා පොලිස්පතිට දන්වා තිබුණේ වහාම මේ නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනය කඩිනම් කළ යුතු බවය. මේ අතර මෙම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් සොයා පුවත්පත් ආයතන…

Read More