අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!

Plantation workers fight against unfair conditions

අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ වතු හාම්පුතුන් විසින් හදිසියේ ඉහල නංවා ඇති දෛනිකව තේ දළු ප්‍රමාණය නෙළිමට නොහැකි වුවහොත් වැඩ කරන දින ගණන සීමා කරන බවට වතු කළමණාකරු විසින් ලිඛිතව දන්වා ඇති බවයි. දිනකට එක් කම්කරුවකුට තේ දළු කිලෝ විස්සක  ප්‍රමාණයක් නෙලීමට නොහැකි වුවහොත් සතියකට වැඩ කිරීමට ලබා දෙන්නේ  දින තුනක් පමණක් බවට වතු කළමනාකරු විසින් කම්කරුවන්ට ලිඛිතව දැනුම් දී…

Read More

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  

Social recognition for plantation workers

ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක සේවිකාවන්ට සමාජයේ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් නමුත් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ කිසිදු කම්කරුවෙකුට සමාජ පිළිගැනීමක් ලබා දීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බව ඔහු අවධාරණය කර සිටියි. නීතිඥ දුලාන් දසනායක ඇතැම් විට මොවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම වත්තේ ආර්ථිකයට බාධාවක් විය හැකි බව වතු හාම්පුන් සිතනවා විය හැකි බවද හෙතෙම පවසයි. පොලිස් ප්‍රචණ්ඩත්වයේදීද වැඩි…

Read More

සහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!

Plantation workers' struggles in sri lanka

කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිඳු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින්  උද්ඝෝෂණයක් දියත් කර තිබේ. හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක්  ජුලි 15 අගහරුවාදා  උදෑසන එම වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය අභියස දී  විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන්  ගණනාවක් හමු විම නිසා මැයි 21 දින සිට හුදකලා කර තිබු එම වතු යාය අද උදෑසන සිට විවෘත කර තිබේ. හුදකලා බව ඉවත් කළ සැනින් විරෝධතා පැවැත්වු වතු කම්කරුවන් අවධාරණය කර ඇත්තේ හුදකලා කරන ප්‍රදේශ…

Read More