මුලින්ම අපි කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකුට රටේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එතුමා ධුරයට පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා. නැවත හිතලා බැලුවොත් මේ තිබුණු බලාපොරොත්තු ගැන මොකක්ද කියන්න තියෙන්නේ? අවුරුද්දකට පස්සේ අපි ආපසු හැරිලා බලනකොට ඒ අවුරුද්ද අපිට එච්චර සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා මේ රජය බලයට පත් කරගත්තේ විශාල බලාපොරොත්තු රාශියක් එක්ක. ඒ ගොල්ලන් රට වෙනත් මගකට අරගෙන යනවා කියලා කිව්වා. රට සංවර්ධනය කරනවා, නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක කරනවා කියලා කිව්වා. ඒ වගේ දහසක් බලාපොරොත්තු…
Read MoreTag: Parliament
“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක් ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පසුගිය 03වැනිදා මෙම නියෝගය සිදුකර තිබේ. මෙම අභියාචනය සඳහා වසර 02කට වැඩි කාලයක් ගතවීමද විශේෂත්වයකි. 2018 වර්ෂයේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය සහ 2010 වර්ෂයේ සිය මේ වනතෙක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ…
Read More