බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද (21)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට  නියමිතව ඇත. සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ විය. මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට්පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට…

Read More

මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!

march 12

වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සමස්ත දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියි. පැන්ඩෝරා පත්‍රිකා නාම ලේඛනයට මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධ වීම ගැන සිය ස්ථාවරය සඳහන් කරමින් මාර්තු 12 ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙකී නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. ලොව විවිධ පෙදෙස්හි වෙසෙන දුසැරියට හා සොරකමට එරෙහි වෘත්තිකයන් මෑත කාලීනව හෙළිකොට ඇති අප රටින් එපිට එනම් අක්වෙරල සමාගම් හා…

Read More

අයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප

buget

ලබන වසර සදහා වන අයවැය යෝජනාවට   පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්  වෘත්තිය සමිති නායකයන්  ඉල්ලා ඇත්තේ පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් කරමින් දැනට පවතින අයවැය සහන දීමනාව ද ඇතුළුව රුපියල් දහසය දහසක් වන ජාතික අවම වැටුප රුපියල්  විසිහය දහසක් ලෙස තීන්දු කරන ලෙසටය. “එකී වැටුප් වැඩි කිරීම් මේ වන විට රු. 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය…

Read More

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.

rti

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව ද ඒ මහතා කියා සිටියි . මෙම තීරණය ගෙන ඇත්තේ  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාර්ගගත ක්‍රමයට (Online) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත්…

Read More