අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

Demands from European governments for Ahnaf jazeem release

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු පසුගිය මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් කළ ඉල්ලීමෙන් අනතුරුවය. “ජසීම් මහතා වහාම නිදහස් කරන ලෙස, එසේත් නැතිනම් සාධාරණ නඩු විභාගයක අයිතිය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගතව කඩිනමින් චෝදනා ගොනුකරන ලෙස ඉල්ලීම සඳහා…

Read More

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!

Ahnaf Jazeem Navarasam Sri Lanka Young Journalists Association

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ  රදවාගෙන සිටින අහ්නාෆ් ජසීම් ට මීයකු සපාකා ඇති බව සිය සංගමය වෙත වාර්තා වී ඇති බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමසීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ වෙත මාර්තු 29 දින යොමු කළ එම ලිපිය මගින් මාධ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ…

Read More