මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural association) පවසා සිටියි. මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත. මෙහි සභාපති උපුල් ජනක ජයසිංහ හා ලේකම් පැතුම්…
Read MoreTag: myanmar military coup
මියන්මාර් බියකරු හමුදාවට එරෙහි අරගලයේ සුන්දරත්වය හා විමුක්ති ගීය
බර්නාඩ් එදිරිසිංහ “හමුදා කුමන්ත්‍රණය පිළිගන්න එපා. ඔවුන්ගේ පාලන තන්ත්‍රයට දායක වෙන්න එපා,” යි මින්කුනායි තංහං විසින් කරන ලද ඉල්ලීම වත්මන් මියන්මාර් හමුදා පාලනයට දේශීය වශයෙන් එල්ලවී ඇති දැවැන්තම අභියෝගය වන හමුදා විරෝධී දේශපාලන රැල්ල නිර්මාණය වීමට හේතු වුණා. හමුදා පාලනයට විරෝධය පළ කිරීමක් ලෙස සිවිල් නිතී කඩ කරන්නැයි ද මින්කුනායි තංහං ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීමට මේ වන විට තහංචි මධ්‍යයේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ 250,000 වැඩි පිරිසක් සිය සතුට පළ කර ඇතැයි වාර්තාවේ. පනස් අට හැවිරිදි මින්කුනායි තංහං අවු සං සුචි ළඟට දේශපාලන වශයෙන් ජනප්‍රිය චරිතය හා ඇයගේ…
Read Moreමියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!
මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි…
Read Moreමියන්මාරය යලිත් හමුදාව අතට!
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මයාවඩි රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන්ට අද (01) අලුයම දැනුම් දී ඇත. එමෙන්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් එහි අණ දෙන නිලධාරී ජ්‍යෙෂ් ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග්ට බලය පවරා ඇතැයිද වැඩි දුරටත් ඔවුන් දන්වා ඇත. අද අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල…
Read More