රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්

sri lankan migrant workers Foreign exchange Lakshan Dias

මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්.  ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970 ගණන්වල මැද වගේ වෙනකොට අපි මැදපෙරදිගට සහ වෙනත් රටවල්වලට සේවකයෝ යවන්න පටන් ගත්තා. සේවකයෝ යැවීමේ මුල්කාලයේ කිසිම ප්‍රමිතියක් තිබුණේ නෑ. 1950 මුල් කාලයේ තමයි මුල්වරට පනතක් ගේන්නේ සේවකයෝ විදෙස්ගත කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒවෑ එහෙමට කියලා ප්‍රමිතියක් තිබුණේ නෑ. 1985 අංක 22 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ පනත තමයි මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් අස්සේ නිර්මානය…

Read More