කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්රමුඛ පෙලේ සමාගමක් වන ATG ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ වෘත්තීය සමිති මර්දනය පිළිබඳවයි. එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥ්නප්ති උල්ලංඝනයක් බවද ජාත්‍යන්තර සමිතිය පෙන්වා දී තිබේ. මේ කම්කරු ආරවුලට මැදිහත් වී විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරමින්…
Read MoreTag: katunayake boi zone
වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක් නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස වතුපිටිවල BOI පිවිසුම ඉදිරිපිට දී එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සදහා ප්‍රදේශයට ඇද හැලුන අධික වැසි තත්වය පවා නොතකා දිවයිනේ ප්‍රමුඛතම වෘත්තීය සමිති රැසකගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහාය පල කර තිබුනි. විරෝධතාව පැවැත්වුනේ ඇඟලුම් කර්මාන්තය, වතුකරය, සංචාරක කර්මාන්තය සහ ගෘහ සේවය ඇතුළු…
Read Moreකෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප්‍රමාණවත් නැත!
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා මෙරට ප්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී ඇති අතර ඉන් සමහරකට කම්හල්වල සාමාජිකත්වයක් හෝ ඇත්තේ නැත. වසංගතය හමුවේ බොහෝ කලාපීය සේවක සේවිකාවන්ද මෙවැනි අසීරුකම් වලට හා ජීවිත තර්ජන වලට මුහුණ දෙන හෙයින් මේ කතා කලාපීය විරෝධතා වලටද ඇතුළුව ඇත. තමන්…
Read More