තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: indian fishermen sri lanka
ණය හිලව්වට උතුරු මුහුද ඉන්දියාවට දුන්නාද?
වර්තමාන ඩොලර් අර්බූදය හමුවේ තෙල්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සඳහා ඉන්දියාවෙන් ණය ගනිමින් සිටින ආණ්ඩුව එයට හිලව්ව ලෙස උතුරු මුහුද මසුන් මැරීම සඳහා දකුණු ඉන්දියානු ධීවරයන්ට නිදහස් කර ඇතිදැයි ප්‍රශ්නයක් බව උතුරේ ධීවරයෝ ප්‍රකාශ කරති. පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දියානු අධිබල බෝට්ටු උතුරු මුහුද ආක්රමනය කර ඇතැයිද උතුරේ ධීවරයන්ට ප්‍රහාර එල්ලකරමින් ඇතැයිද මේ නිසා උතුරේ ධීවර ප්‍රජාව අන්ත අසරණ අඩියකට වැටී ඇතැයිද කරුණු වාර්තා වෙන අතර ආණ්ඩුව එයට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වෙන බවක් පෙනෙන්නට නැත. පසුගිය දා ඉන්දියානු ධීවර ප්‍රහාරයක් නිසා උතුරේ ධීවරයන් දෙදෙනෙක් මියගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර වර්තමානයේ ඉන්දියානු…
Read Moreලංකා මුහුදේ මාළු බෑමට දත කන ඉන්දීය ධීවරයෝ…
ලංකා මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට ඉඩ සලසා දෙන්නැයි ඉන්දීය ධීවර සමිති ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් ලංකා නාවික හමුදාවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඉන්දු -ලංකා මුහුදේ ඉන්දීය ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩකඩ හදා ගන්න, තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව ලංකා ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරලා අනුමැතිය ගන්න අවශ්‍ය’ යැයි රාමේශ්වරම් ධීවර සංගම් නායක බෙන්සිංලාස් ජේසුරාසා ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි. රාමනාදන්පුරම් පුදුකෝට්ටෙයි සිට මසුන් මැරීමට මුහුදු ගිය තමිල්නාඩු ධීවරයන් 68 දෙනකු ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 10 ක් සමඟින් ලංකා නාවික හමුදාව මගින් ඉකුත් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වීමේ…
Read Moreජනවාරි 3 සිට “ඉන්දීය ධීවර ආක්‍රමණයක්”…?
නව වසර ආරම්භයේ සිටම ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම ආරම්භ කරනු ඇති බවට අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලමින් විරෝධතාවයක් දියත් කර තිබේ. ‘මයිලඩි’ ධීවර වරාය ඉදිරිපිටදී වර්ෂාව මධ්‍යයේ දෙසැම්බර් 31 වැනිදා උදෑසන ධීවරයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ වලිකාමම් උතුර ධීවර සංගමය විසින්ය. විරෝධතාව දියත් කර තිබුනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පනස් අවුරුදු ගිවිසුමකට එළැඹීම ප්‍රකාශයට පත්වුණු දවසේමය. ඊට දෙසතිඅකට පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක යෙදෙමින්…
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්
කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත් කිරීමට හේතු වී තිබේ. තාවකාලික තහනමකින් පසු තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ අනෙකුත් ප්‍රදේශවලින් නැවතත් මුහුදු ගිය ධීවරයෝ ඔවුන්ගේ ජීවනෝපාය රැඳී ඇති සමුද්‍රීය ජීවීන්ට සිදුව ඇති හානිය පිලිබඳ කනස්සල්ල පළ කර සිටිති. ඉන්දු-ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්රයෙන් අල්ලාගත් මසුන් මිලදී ගැනීම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බියෙන් වෙළෙන්දන් මාළු මිලදී ගැනීමට මැලිකමක් දක්වයි. මසුන්, ඉස්සන් සහ…
Read More