ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…

Read More

“උදයංග පොකුරෙන්” ගුවන්තොටුපල නියෝජ්‍ය කළමනාකරුටත් අසාදනය වෙලා?

Deputy Manager of Katunayake BIA has been infected with the corona virus

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල නියෝජ්‍ය කළමනාකරුට  කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොල කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළ පුවතක් අද (07) දිනයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. කටුනායක ගුවන් තොටුපොල නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී ඇත. මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපොල සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බවද නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින…

Read More

ට්‍රැවල් බබල් ආවා.. ආවා..

Travel bubble Sri Lanka

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණි. සිය ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයේ සෘජු හා වක්‍ර යැපුනු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්වූහ. මේ තත්වය සැලකිල්ලට ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව…

Read More