21 වන සංශෝධනය සාකච්ඡාවට

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.එනම් එහි අරමුණ මෙරට වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා බවයි.

Read More

ගෑස් එයි..

රී ලංකාවට ගෑස් නෞකාවක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයාසමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම ඖෂධ ආහාර සහ පොහොර ලබා ගැනීම සඳහා ද ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තම සහයෝගයලබාදීමට එකඟ වූ බවට ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Read More

රුපියල් ඉහළ යයි

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවි තුළ අද ප්‍රසිද්ධ කර තිබුණ අයුරු දැකගත හැක. කෙසේ නමුත් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.

Read More

Hour of Big Players!!!

අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි. මට රථය එලවීමට ද තරමකහැකියාවක් තිබිණි. උදේ පාන්දර කටුබැද්දේ සිට පිළියන්දල දක්වා රථය එළවාගෙන යාමට මට හැකියාව තිබුණි. ඒ නිසා මමත්රියැදුරෙක් ය යන ආඩම්බරකාරී හැගීම මට යහමින් තිබුණි. දිනක් රාත්‍රියක මට වඩා ලාබාල එහෙත් වාහන එළවීමට මට වඩාපරිචයක් ඇති මගේ අසැල්වැසි ගැටයෙක් අමතා වාහනය අයත් මගේ ඥාතියා නිවසට පැමිණි ඥාති පිරිසක් ඇරලා එන මෙන්ඔහුගෙන් ඉල්ලා…

Read More

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය 17 විවාදයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්විණි. උපුටාගැනීම : නිව්ස්පීඩියා

Read More

කඩිනම් දේශපාලන ස්ථාවරයකට නොගියොත් මම යනවා- මහබැංකු අධිපති

ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. එනම් “දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න…

Read More

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් මේ සඳහා යෝජනාවී ඇති අතර රහස් ඡන්ද විමසීමේ ප්‍රතිපලය අනුව ඔවුන් දෙදෙනාගෙන් නියෝජ්‍ය කතානායක කවුද යන්න තීරණය වෙනු ඇත.

Read More

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි

පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බව අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එසේම ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා තව දුරටත් සඳහන්…

Read More

ඩොලරයේ අගය 400ම වෙයි..?

අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ ඩොලරයේ විකුණු මිල රුපියල් 370 ක් සහ ගැණුම් මිල රුපියල් 355 ක් ලෙස අද දින සටහන් කර ඇති අයුරු දක්නට ලැබේ.

Read More