[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය] ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්රමයක්ව පැවතුනා. මෙසේ රැකියා දෙන මංත්‍රිවරුන් අතරේ එකල බෙලිඅත්තේ තරුණ මංත්රිවරයාවූ මහින්ද රාජපක්ෂගේ නම ද ඇමිණී තිබුනා. එවකට අගමැතිවරියවු සිරිමා බණ්ඩාරනායකගේ තරුණ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක හා මහින්දගේ බරපතල මිතුරුකම නිසා මේ දෙදෙනාගේම නම් එකටයි කියවුනේ. මෑතකදී ගාමිණි [මුතුකුමාරණ] සමඟ කෙරුණු කතාබහක දී මේයට අපුරු සාක්ෂියක් එකතු වුණා. තිස්ස, දෙබරවැව උපන් ගාමිණි දිගු කලක් හම්බන්තොට ජවිපේ ක්‍රියාකාරිකයෙකුව සිටිද්දී…
Read MoreTag: economic crisis in sri lanka
“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම
මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි යන සැකයත්, නිශ්චිත නායකත්වයන් නැති නිසා විනාශකාරී අන්තයන් වෙත ගමන් කිරීමට ඇති ශක්යතාවනුත්, විවිධ මාත්රාවන්ගෙන් විවිධ විද්වත්හු පෙන්වා දුන්හ. එය, සද්භාවයෙන් කෙරුණු සංවාදමය මැදිහත් වීමකි. එහෙත්, ඇතැම් මිනිසුන් මිරිහානේ පටන්ම මේ දෙස බැලුවේ නිග්‍රහාත්මක ඇසකිනි. ඔවුන් කෙතෙක් අන්තවාදී වීද යත්, එය “බළල් අතක්” වශයෙන් හැඳින්වීමට පවා සාහසික වුණි. එම හැඳින්වීම සමාන වුණේ, ගෝල්ෆේස් පිටිය ‘කොන්ඩම්…
Read Moreමා ජනතා මතයෙන් පිට හදන අලුත් පාලනයට එක්වන්නේ නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇති වූයේ කෙසේදැයි කෙටියෙන් සඳහන් කළ යුතුය. මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය සහ වත්මන් ගෝඨා ආණ්ඩුවේ අමනෝඥ තීරණ සහ උද්ධච්ඡ කමයි. රට ගැන හිතනවාට වඩා, ආර්ථික වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් ගැන හිතනවාට වඩා බලයට කෑදරකමින් බලය සහ වරප්‍රසාද ඩැහැගන්නා ගේම් දේශපාලනය දැන් මෙරට දේශපාලන සංස්කෘතියයි. මොවුන් තට්ටු මාරු ක්‍රමයට මේ බලය විවිධ සරුවපිත්තල…
Read Moreකඩිනම් දේශපාලන ස්ථාවරයකට නොගියොත් මම යනවා- මහබැංකු අධිපති
ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. එනම් “දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න…
Read More“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස ප්‍රකාශ කර ඇත.
Read Moreගෝඨා ගෝ ගම ගැටුමෙන් 200ක් රෝහලේ…
රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කරද ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ගෙන් ඒ පිළිබදව විමසීමේදීඔවුන් සදහන් කරේ 200ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබදව තවමත් නිලවශයෙන් දැනුම් දී නොමැත.
Read Moreසජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි… සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ. අවුලක් නෑ මට ඒ ගැන. ඒක ඔහුගේ දේශපාලන දැක්ම. මගේ කතාව ඒක නෙවෙයි.. එතන ඒ අවස්ථාවෙ කවුරුහරි කිව්වනම් ශැංග්‍රීලා එකට ගහමු කියලා ඒකත් ඒ මිනිස්සු කරනවා. ඒක තමයි මෙවැනි අවස්ථාවක තත්ත්වය. අනුරකුමාර ආපු වෙලෙත් කවුරුහරි එතන එහෙම කරන්න ඕනී කෙනෙක් හිටියනම් කරන්න තිබුණා. ඒ තත්ත්වය හැටියට එතන ඒ අවස්ථාවේ මිනිස්සු උසිගන්වනවා කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.…
Read Moreගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු 106(1) වගන්තිය යටතේ අරගල භූමිය නිසා මහජන පීඩාවක් සිදු වන බව තහවුරු කරන්න කොටුව පොලිස් ස්ථානාධිපති නීතිපති දෙපාර්තුමෙන්තුව හරහා පිටු 15ක පමණ දීර්ඝ කරුණ දැක්වීමක් අද (06) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයයේදී සිදුකරලා තියෙනවා කියලා නීතීඥ ප්‍රබෝධ රත්නායක ප්‍රකාශ කරනවා. ඒ අතරේ අද වාර්තා වෙනවා අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළවෙල මෙම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව…
Read Moreගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි
අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර රටකරන්නට ආණ්ඩුවක් නොමැති තත්ත්වයට පත්වෙයි. මෙම තත්ත්වය තුළ ඉතාමත් ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreරටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…
පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට පුරා තැනින් තැන අපට පෙනෙන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ මාදිලියේ විරෝධතාවන් ය. ගෝල්ෆේස් පිටිය යනු එම අදහස සක්‍රීය විරෝධාකල්පයකින් ප්‍රකාශයට පත්වෙන කුඩා බිම්කඩකි. රටේ වෙනත් සෑම තැනකම එම අදහස, වෙනත් මාදිලිවලින් දෛනිකව ප්‍රකාශයට පත්වෙයි. වසා ඇති සෑම ඉන්ධන පිරවුම්හලකම ඇති හිස්කමත්, විවෘතව ඇති සෑම ඉන්ධන පිරවුම්හලක්ම ඉදිරියේ ඇති දීර්ඝ පෝලිම් රාශියත්, රෑ දවල් දින ගණන් පාරේ…
Read More