හඳුනා නොගත් කොවිඩ් සම්භවයක්!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා ඇත්තේ  කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළ යමින් පවතින බව පැහැදිලිව පෙනෙන බවය. එමෙන්ම මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද ඇය කියා ඇත. “සම්භවයක් නොමැතිව සිද්ධීන් අනාවරණය වී තිබෙනවා, වෛරසය ප්‍රජාව තුළ කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න එමගින් පෙන්නුම් කරනවා, එය භයානක තත්වයක්. මේ අනුව සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදීම යුගයේ අවශ්‍යතාවයක් වන අතර ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි,” වෛද්‍ය ගල්හේන මහත්මිය අවධාරණය කර ඇත. රෝග ලක්ෂණ නොපෙන්වා කොවිඩ් වැළඳුන දරුවන් මේ වන විට…

Read More

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?

Informal public transport in Sri Lanka

රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට  දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන බව රජය ප්‍රකාශ කර සිටියහ. නමුත් අද (01) උදෑසන සිටම වේයන්ගොඩ සිට මරදාන දක්වා දුම්රිය සංඥා වල දෝෂයක් පැවතීම නිසා ඉහළ දුම්රිය මාර්ගයේ සිට කොළඹට පැමිණෙන සියලුම දුම්රියන් පැය ගණනින් ප්‍රමාද වන්නට විය. මේ නිසා රැකියා වලට ගමන් ගත් බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයට පත් විය. අද කාර්යාල දුම්රියේ ගමන් කිරීමට බොහෝ පිරිසක් එක්ව සිටි හෙයින්…

Read More