එතික්ස් නැති මීඩියා | Child Abuse | Deepanjalie Abeywardana

Read More

ළමා විවාහ සහ ළමා හිංසනය

Child marriage and child abuse in Sri Lanka

‘ මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ. ඒත් බැඳපු දවසෙ ඉඳලා මටයි මගේ පුතාටයි නිදහසක් නම් නැහැ ‘ ඇයගේ නම මම රමණි කියලා කියන්නම්. මට ඇයව මුණ ගැහුනේ දුප්පත්කමේ පත්තේ ජීවත් වෙන මිනිසුන් බහුතරයක් වෙසෙන මොනරාගල දී. ඇය හිංසනයට ගොදුරුවෙලා තියෙන්නේ සිය පවුල ඇතුලතදීමයි. මොනරාගල නැතිනම් පහළ වෙල්ලස්ස කියන්නේ හේන් ගොවිතැන බහුල පළාතක්. අනෙක් පැත්තෙන් වතු ආර්ථිකයේ නටබුන් සහිත තවමත් අමාරුවෙන් වැවිලි…

Read More

Child Abuse in Sri Lanka | ලංකාව ළමයාට සුරක්ෂිත තැනක්ද?

Read More

Child Abuse | විසිරුණු මල් පෙති | World children’s day

Read More

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!

More than 40 arrested on suspicion of raping a girl

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙයයි. අන්තර් ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරිවිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් බෞද්ධ විහාරස්ථානයක නායක භික්ෂුවක්, මාලදිවයිනේ හිටපු  මුදල් ඇමැතිවරයෙක්, පොලිස් නිළධාරීන් දෙදෙනෙක්, නාවික හමුදාවේ  ලුතිනන් කර්නල් වරයෙක්, පොදුජන පෙරමුණේ උතුරු මැද පළාතේ දේශපාලනඥයෙක්, ගායකයෙක්, බැංකු කළමනාකරුවෙක් ඇතුළු ව්‍යාපාරිකයන් ගණනාවක් මේ අතර වේ. මෙම දැරිවිය ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට පිරිමින් අද්දාගත් වෙළෙඳ දැන්වීම්…

Read More

චිචීලාගේ ලෝකය සහ අපේ ලෝකය!

Ishalinis death and rajapaksa family

මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති වුණ කම්කරු අමාත්‍ය ධුරයේ ඉඳලා ඇමති ධුර විශාල සංඛ්‍යාවක් දරපු අගමැති ධුරය කීප පාරක් දරපු මහින්ද රාජපක්ෂ ගේ බාල පුතා. ඒනිසා උබ රස්සාවක් කරලද ඔච්චර සුඛට ජීවත් වෙන්නේ කියලා අහන එකේ තේරුමක් නෑ. මට මෙතනදී තියෙන්නේ ඊට වෙනස් කතාවක්. දැන් අපි හැවෝම අර රිසාඩ්ගේ ගෙදරදී ඝාතනයට ලක්වුණ දැරිවියගේ දෙමාපියන්ගෙන් අහනවා ඇයි තමන්ගේ දුව මෙහෙකාර සේවයට…

Read More

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

Rishad Bathiudeen is to be arrested in connection with Ishalini's death

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක් ලෙස  අත් අඩංගුවට ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියේ මන්ත්‍රීවරයා අයත් බෞද්ධාලෝක මාවතේ පිහිටි  නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් නිවසේ  ගෘහ මුලිකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වගකිව යුතු බවයි. ඒ අනුව  ඔහු ද මෙම නඩුකරයේ සැකකරුවක්  වශයෙන් ඉදිරියේදී…

Read More

ළමා හිංසන ගැන හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Sudarshani Fernandopulle Justice to Ishalini

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බවද එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බවත් ඇය පෙන්වා දෙයි. ළමයින්ට එරෙහි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට…

Read More

අතකොටාගේ නූරිය සහ රිසාඩ් ගේ ගෙදර… (නීතියක් නොමැති රටක අපරාධ කියා දෙයක් නැත)

Sexual Torture in Sri Lanka Ishalini death

රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම් කියන ගැහැනුන් මතක් උනා. ඊටත් අමතරව බොහෝ කාලෙකට කළින් රාජපක්ෂ ලොකු අයියා ආණ්ඩු කරන කාලේ රිසාඩ් ලා අල්ලාගත්තා යැයි කියන තලෙයිමන්නාරමේ වැලිපිරුණු ඉඩම් ගැන සොයන්නට ඒ බිමට ගිය අතීතය මතක් උනා. ඉතිං ඒ මතක ඇවිලිල්ල නිසා මේ කතාව මෙහෙම ලියනවා. මම රාවයට ඇවිත් වැඩි කාලයක් නෑ නුරියේ පාතාල නායකයා නැතිනම් අතකොටා නූරි වතු අධිකාරීවරයා (නිහාල්…

Read More

ළමා අපයෝජන වැඩි වීම හේතුවෙන් ළමා මහාධිකරණ පළාත් නමයටම.

Junior High Courts have been established due to the increase in child abuse.

ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා මහාධිකරණ නමයක් පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම පවසන්නේ. ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන්  ජුලි 20 අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇය ඒ බව සඳහන් කළාය. මේ වන විට බත්තරමුල්ලේ සහ යාපනයේ  ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක්…

Read More