ළමා විවාහ සහ ළමා හිංසනය

Child marriage and child abuse in Sri Lanka

‘ මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ. ඒත් බැඳපු දවසෙ ඉඳලා මටයි මගේ පුතාටයි නිදහසක් නම් නැහැ ‘ ඇයගේ නම මම රමණි කියලා කියන්නම්. මට ඇයව මුණ ගැහුනේ දුප්පත්කමේ පත්තේ ජීවත් වෙන මිනිසුන් බහුතරයක් වෙසෙන මොනරාගල දී. ඇය හිංසනයට ගොදුරුවෙලා තියෙන්නේ සිය පවුල ඇතුලතදීමයි. මොනරාගල නැතිනම් පහළ වෙල්ලස්ස කියන්නේ හේන් ගොවිතැන බහුල පළාතක්. අනෙක් පැත්තෙන් වතු ආර්ථිකයේ නටබුන් සහිත තවමත් අමාරුවෙන් වැවිලි…

Read More

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!

Muslim child marriage in Sri Lanka

ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය බරපතළ ප්‍රශ්නයකි. ඉඩම් ප්‍රශ්නය එහි යටින් දිවෙන හේතුවයි. දුප්පත්කම අනෙක් හේතුවය. පොළොන්නරුවේ වැලිකන්ද, මුලතිව් වැලිඔය, මොනරාගල සියඹලාණ්ඩුව වැනි කලාප තුළ සිංහල ප්‍රජාව අතර මේ විවාහ ක්‍රමය සුළභය. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව අතරද කඳුකරයේ දෙමළ ප්‍රජාව අතරද ළමා විවාහ බොහෝ සිදුවේ. කඳුකරයේදීනම් නිවාස ප්‍රශ්නය සහ දරිද්‍රතාවය හේතුව බව පෙනේ. සිංහල සහ දෙමළ ප්‍රජාව ගතහොත් මේ ප්‍රජාවන්…

Read More