වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට?

wasantha

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාට එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයාමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්ව තිබේ. නීතිපති විසින් දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ තවමත් චුදිතයෙක් බව නීතිඥ සංවිධානයක් අවධාරණය කරයි. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට නීතිපති ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ ගොනු කළ පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල…

Read More

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

anuradahapura prison

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසටය. පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද…

Read More

අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අභියෝග කළ පෙත්සම් දෙකක් සලකා බැලීම ඉදිරි සතියට

අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අභියෝග කළ පෙත්සම් දෙකක් සලකා බැලීම ඉදිරි සතියට

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු ඇතුලු සමාජිකයින් පත් කිරීමත්, ශ්‍රී ලංකාවේ රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් පිළිබදව සලකා බැලීමට ඉදිරි සතිය තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එම ව්‍යෛ සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නි ආරච්චි…

Read More