හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මේ බව අධිකරණය දැනුම් දුන්නේය. තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔප් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ බව කියා සිටියාය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන…
Read MoreTag: attorney general dappula de livera
බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශන වාර්තාව ප්‍රමාදයි!
මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණේ පහුගිය 27 දාය. ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් අතර එහි අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත පවරන ලදි. නමුත් එය ඔවුන්ට පවරන විටත් එහි නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව නීතිපතිවරයා වෙත සැල වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් යළිත් වැඩ බලන…
Read More