පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.

Political movements in sri lanka

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…

Read More

තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සංවිධානවල දැඩි අවධානය!

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ – වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව  පසුවූ  සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම   නිසැකවම අප රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා රාජ්‍යකරණයේ නිර්දේශපාලනිකත්වය කෙරෙහි ආශක්ත පුරවැසි සමාජයේ ජයග්‍රහණයකි. ඊට සමගාමීව ස්ථාපිත පළමු කොමිෂන් සභා සාමාජිකයන්ගේ ධූරකාලය  නිමාවීමත් සමඟ අභිනව කොමිෂන් සභාවක් පත්කොට ඇත්තේය. ඒ පසුගිය වසරේ සම්මත විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව පිහිට…

Read More

නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තැනට පත් වෙමුද?

violent extremism in sri lanka

අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන සමාජ මාධ්‍ය වෛරී කථනයට එරෙහිවෙමු “මහත්තයා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ටවුමේ රෙදි ලෑල්ලක් දාගෙන රෙදි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුස්ලිම්. මගේ දරු පවුල ජීවත් කරවන්න මේකෙන් ලැබුණු ආදායම ප්‍රමාණවත් වුනා. අවුරුදු කාලෙට, නත්තල් කාලෙට හොද ආදායමක් ලැබුණා. ඒත් ඒ ඉස්සර. පස්සෙ මිනිස්සු මගේ රෙදි ලෑල්ල පැත්ත පලාතෙ ආවෙ නැහැ. ජීවත් වෙන එක බොහොම අමාරු වුනා. දරුවො පාසැල් යවන්න ඕනි. කන්න බොන්න දෙන්න ඕනි. ඉස්සර මගෙන් රෙදි ගත්තු සිංහල මිනිස්සු දැන් වෙන තැන්වලට යනවා. මම කිසිම වරදක් කරලා නැහැ මහත්තයා. එකම දේ…

Read More

සාලි නිදහස්..!

Azad Sally has been acquitted by the High Court.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි ප්‍රකාශ කර තිබුණේ ‘අපේ නීතිය අපිට, ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට, ඒවා හරි වැරදි බලන්නේ අපි, කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක්, රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ ‘හදිසියයි’ හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ’. මෙම ප්‍රකාශය නිසා ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇතිවෙන බව ප්‍රකාශ කරමින්…

Read More

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

civil rights movement sri lanka

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) එසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක. සිවිල් හා…

Read More

161 | වචනයක් වෙනුවෙන් සිරගතවූ රම්සි රාසික් | Ramsi Rasik

Read More

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)

mangala samaraweera death

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට. ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට…

Read More

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්

Sudesh Nandimal committee for protecting rights of prisoners

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් හා දඬුවම් ලබන සිරකරුවන් ලෙසිනි. රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයෙකු නම් බන්ධනාගාර ගත කරන අවස්ථාවේදීම වදහිංසනයට ලක් වේ. එමෙන්ම අධිකරණයෙන් දඬුවම් නියම වී බන්ධනාගාර ගත කරන සිරකරුවාද බන්ධනාගාර ගත කරන අවස්ථාවේම වදහිංසනයට ලක් වේ. එසේ කෙරෙන්නේ බන්ධනාගාරය තුලට ඇතුලත් කිරිමට සිටින නිලධාරියාගෙනි.  ” උඹේ නඩුව මොකද්ද? ” කියා විමසන ඔවුන් ඇඬුවත්, සිනාසුනත් කම්බුලට පහරක් දී යැවීම…

Read More

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම | Sudesh Nandimal

Read More