නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය මාර්තු දෙවෙනිදාතමින් යවනු ලැබූ ලිපියක් මගින් පැහැදිලි වෙයි. මෙම ලිපියට මියන්මාරය තුළ මෙන්ම ලෝයකපුරා ද ප්රජාතන්ත්රවාදයට ලැදි මිනිසුන්ගෙන් බරපතළ විරෝධයක් නැඟෙමින් තිබෙයි. #ProtestSriLanka නම් හෑෂ් ටැග් එක හරහා ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම විරෝධතා නැඟෙමින් තිබෙයි. මෙය ලංකාවේ ප්‍රතිරූපය වසා පැතිරෙන කළු ලපයකි. මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ විදෙස් අමාත්‍යවරයා බව කියන Wunna Maung Lwin හට මෙරට…
Read MoreTag: විදේශ සම්බන්ධතා
ගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…
Read Moreනැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම රට පාවාදීමක් නොවේ! – මංගල සමරවීර
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙන අතර ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක්…
Read Moreජනාධිපතිගේ “අපි ණය උගුලක අහු වෙලා නෑ” කියලා කියපු වචනේ අපට විශ්වාසයි – බද්දේගම සමිත හිමි
අපි දැක්කා පහුගිය දවසක ඔබ වහන්සේ තනිවම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයට විරෝධය දක්වා උද්ඝෝෂණයක නිරතවෙනවා. ඔබ වහන්සේ ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ ඇයි ආණ්ඩුවට තමන්ගේ විරෝධය කෙළින්ම නොදක්වා මෙහෙම විරෝධයක් දැක්වූවේ? මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ පිරිස් රැස් කිරීම සුබදායක නොවන නමුත් විරෝධතාවයක් නොදක්වා සිටීම අපගේ හෘද සාක්ෂියට එකඟ නොවන නිසා තනියෙන් හෝ සංකේතාත්මකව විරෝධය පෑ යුතුයි කියලා මම විශ්වාස කළා. ඒ වගේම රජයේ පාර්ශවයේ පාර්ශවකරුවෙකු වුනත් අපේ අරමුණ වෙන්නේ අපේ රටේ ස්වෛරීභාවය, අපේ රටේ ජනතාවගේ නිදහස, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. එතකොට මේ ඇමරිකන් විදේශ ඇමැතිවරයා නැතිනම් රාජ්‍ය…
Read More