දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

Keheliya Rambukwella tna members covid vaccine

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…

Read More

මානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල

Human Rights Commissioner Michelle Bachelet udaya gammanpila

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්ත වූ 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇති අතර එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන බව මීට පෙර අමාත්‍යවරයා විසින් දන්වා සිටින ලදි. මෙහි අඩංගු අන්තර්ගතය පිලිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ එම…

Read More

හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය

the socialist youth union eranga gunasekara syu

ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ  ඉවසීම  විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හී පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ  (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙම මාධ්‍ය හමුවට ප්‍රධාන හේතුවක් වී තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීමටය. මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී…

Read More