වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…
Read MoreTag: ජනතා වතු සංවර්ධන මණ්ඩලය
රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read Moreවතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…
Read Moreවතු ජනතාවගේ ප්‍රශ්නයට එකම විසඳුම ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි!
චාමර නානායක්කාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොණරාගල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලකයෙක් විදිහට විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම දිහා බලන්නේ කොහොමද? විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි ද්විත්ව පුරවැසිභාවය හා අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ කාරණය. මෙතනදි ආණ්ඩු පස්සේ මන්ත්‍රීවරයෙක් විදිහට ආණ්ඩුව විවේචනය කිරීමක් නෙමෙයි මං කරන්නේ. නමුත් ජනාධිපතිවරණයෙදි අපට ඡන්දය ලබා දීපු, අපි මේ තත්ත්වයට පත් කරපු, ඒ ඒ බුද්ධි මට්ටම් වල ඉන්න මිනිස්සුන්ගේ අදහස උකහා ගන්න ඕනෑ කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විශාල විවේචනයක් තියෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒක…
Read More