සෞඛ්‍ය සේවයේ නොසැලකිල්ලට තිත තබමු – පිලිප් දිසානායක

පසුගියදා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ 40 හැවිරිදි ධීවරයෙකු මිය ගොස් ඇති බවට නිගමනය කොට මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව මූලික රෝහලින් වාර්තා විය.

මෙම ධීවරයා බරපතල රෝගී තත්ත්වයෙන් මීගමුව මහරෝහලට ඇතුළු කිරීමෙන් පසුව එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට ද දැනුම් දී තිබේ.

අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේදී එක්වරම රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබේ. එහිදී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද ලංකාදීපය පවසයි.

මිනිස් ජීවිත පිළිබදව කිසිම වගකීමක් නොමැතිව මේ ආකාරයෙන් කටයුතු කරනු වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය ක්ෂ්‍රෙත්‍රයේ උදවිය ගැන නිරන්තරයෙන් අපට අසන්නට ලැබේ. මේ අතර නොසැලකිලිමත් ලෙස කටයුතු කරන රෝහල් අතරින් මීගමුව රෝහල ලංකාවේ අංක ඒකට පත්වී සිටින්නේ කාලයක සිටය.

සිත්ති නසීරා නම් කාන්තවකගේ පාදයක් වැරදීමකින් ඉවත්කිරීම පිලිබදව පුවතක් මීගමුව ‌රෝහලින් වාර්තා වූයේ 2005 වසරේ මාර්තු මාසයේ දීය. පාදයේ ඇති තුවාලයක් සුද්ද කරන්ට ගිය ඇයට මීගමුව රෝහලින් නැවත පැමිණීමට සිදු වූයේ සිය පාදයක් අහිමි කරගෙනය. මේ සම්බන්ධව ඇය අධිකරණ ක්‍රියාමාර්ග වෙත පවා යොමු වී තිබුනි.

තෙවැනි දරු උපතින් පසුව මීගමුව මූලික රෝහලේ දී සිදු කළ ඒල්ආර්ටී සැත්කමකදී සිදු වූ අතපසුවීමක් මත චමිලා ශිරෝමිනී පීරිස් මහත්මිය මිය ගියේ ද 2005 වසරේ දීය. ඇයගේ සැමිය විසින් මේ පිළිබදව වෛද්‍ය සභාව වෙත ද පැමිණිලිකර තිබුනි.

මේ සියල්ල අභිබවා යන සිද්ධිය මීගමුව රෝහලින් වාර්තා වුයේ 2007 වසරේ නොවැම්බර් 12 වනදාය. ඒ කටාන ස්මාට් ශර්ට් නම් ඇගලුම් කාර්මාන්ත ශාලාවක සේවය කරන තරැණියක් මීගමුව මහ රෝහලේ 6 වන මහලින් බිමට වැටී මිය යාමේ සිද්ධියයි.

මොනරාගල ප්‍රදේශයේ පදිංදිකාරියක් වූ චමිලා දිසානයක නම් 22 හැවිරිදි අවිවාහක මෙම තරුණිය ඇයගේ පියයුරුවක තිබූ ගැටිත්තක් පරීක්ෂා කිරීමට මීගමුව රෝහල වෙත පැමිණ තිබුනි. ඇය පරීක්ෂාකළ සුදර්ශණ බලගේ නම් වෛද්‍යවරයා ඇය පරීක්ෂා කිරීමෙන් පසුව, වැඩි දුර පරීක්ෂණ සදහා මීගමුව රෝහලේ 6වන මහලේ පිහිටි ඔහුගේ නේවාසිකගාරය වෙත ඇය කැදවා තිබේ. මේ යන්නේ වෛද්‍යවරයාගේ නේවාසිකාරයට බව නොදත් චමිලා, ඒහි දී ඇය දූෂණ කළ අදාල වෛද්‍යවරයා පසුව ඇය 6වන මහලින් බිමට දමා තිබුනි.

මෙම සිද්ධිය ඇසින් දුටු ඒකම සාක්ෂිකාරිය වූ බ්‍රියට්‍රිස් නම් ඒම රෝහලේ සුලු සේවිකාවයි. ඇයට පැමිණි විවිධ තර්ජන හා බලපෑම් මධ්‍යයේ තම රැකියාවත් අහිමි කරගෙන මෙම සත්‍ය අධිකරණයට හෙලි නොකරා නම්, අදටත් මෙම මිනීමැරුම විශාල අභිරහසවක්ව පවතිනු ඇත.

මේ පසුගිය කාලයේ අප වෙත වාර්තා වූ සිද්ධි කිහිපයක් පමණි. නමුත් මේ ආකාරයෙන් වාර්තා නොවන, වෛද්‍ය නොසැලකිල්ලක් ලෙස නොදකින සිද්ධි ඔ්නෑ තරම් තිබේ. මෙම තත්ත්වයෙන් අත් මිදී යහපත් සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට නම් නොසැලකිලිමත් සෞඛ්‍ය සේවයන් සම්බන්ධ නිසි පියවර ගැනීම පුරවැසි ඔබගේ සමාජ වගකීමයි.

අද මෙම ක්ෂේත්‍රය ඒක්තාර විදියක මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වෙන අවස්ථාවන් දක්නට තිබේ. අද වෛද්‍යවරයෙකුගෙන් තම රෝගය ගැන පැහැදිලිකර ගැනීමට හෝ ප්‍රශ්ණ නැගීමට අවස්ථාවක් නැත. පුද්ගලික රෝහලකට යන රෝගියෙකුට විවිධ පරීක්ෂණ හෝ ශල්‍යකර්මයකින් බේරෙන් නම්, තමන් ඉතා දිලිදු පුද්ගලයෙකු බවට වෛද්‍යවරයාට ව්‍යගයෙන් හෝ දැන් විය යුතුව තිබේ. රෝගියාට බෙහෙත් නියම කිරීම අදාල සමාගම් විසින් වෛද්‍යවරයාට ලබාදෙන සංතෝෂම්, කොමිස් හා වෙනත් සැප පහසුකම් මත තීන්දු වේ.

රෝගීන් පමණක් නොව සියලුම පුරවැසියන් ද මෙවැනි සිද්ධින්ට ඒරෙහිව වහාම පියවර ගත යුතුය. නොසැලකිලිමත් ක්‍රියාවක දී වහාම ලගම ඇති පොලීසියට පැමිණිලිල්ක් සිදු කිරීමත්, රෝහල් බලධාරීන් වෙත හා වෛද්‍ය කවුන්සිලය වෙත ද ලිඛිතව පැමිණිලි සිදු කිරීමත් කළ යුතුය. මෙහි දී තමුන්ට ප්‍රථිකාර කරනු ලබන වෛද්‍යවරායාගේ අනන්‍යතාවයන් හෙලිකර ගත යුතුය. ඒය ඔබේ අයිතියකි. රජයේ රෝහලේ තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ නමවත් බොහෝ රෝගීන් නොදනී.

මෙවැනි ක්‍රියාවක දී අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුව ඇති බවට පරීක්ෂණයක් සිදු කර වාර්තා ලබා දෙනු ලබන්නේ ද ඔහුට ඉහලින් සිටිනා වෛද්‍යවරයෙකු විසිනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ නොසැලකිලිමත් ක්‍රියාවන්ට හේතු වී තිබෙන්නේ ද මේ ඉහලින් සිටිනා විෂේශඥ වෛද්‍යවරු නොහොත් සර්ලා රෝහලට නොපැමිණීමත්, අවත් පැය කිහිපයකින් පසුව වහාම තම පුද්ගලික සේවාවන් සදහා පිටත්ව යාමත් නිසා, මේ සර්ලාගේ බොහෝ වගකීම් ඊට පහලින් සිටින වෛද්‍යවරුන් විසින් සිදු කිරීමේ දී ඇති වන නොසැලකිලිමත් ක්‍රියාවන්ය. මේ හේතුව නිසා රෝහලේ සිටිනා වෛද්‍යවරයාට දවසකට අවසන් කළ නොහැකි ප්‍රමාණයේ විශාල වගකීම් ප්‍රමාණයක් පැටවී තිබේ.

තම ගෝල වෛද්‍යවරයා අතින් වැරද්ද සිදුවන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසා බව දන්නා මෙම සර්ලා තම ගෝලයා බේරාගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදීම නීතිය ඉදිරියට යාමේ දී අප මුහුණ දෙන විශාල ගැටලුවකි. නමුත්, මෙම තත්ත්වය තේරුම්ගෙන අනාගතයේ දී කටයුතු කිරීමට මෙවැනි සිද්ධීන් හරහා අපට බලකෙරී තිබේ.

පිලිප් දිසානායක

Social Sharing
නවතම විශේෂාංග