සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද?

The woman who jumped from the 5th floor of the CID

මූල්‍ය අපරාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන CID යේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් කාන්තාව එම මහලේ රඳවන්නට උපදෙස් ලබාදුන්නේ මොන උසස් පොලිස් නිළධාරියාදැයි ප්‍රශ්නයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අපරාදයක් සම්බන්ධයෙන් යම් සැකකරුවෙක් CID ය අත්අඩංගුවට ගත්විට සාමාන්‍යයෙන් රඳවා තබන්නේ 4වෙනි තට්ටුවේය. ඉඩකඩ සීමිත අවස්ථාවලදී පමණක් වෙනත් ස්ථානයක රඳවන අතර ඊයේ දිනයේ ඉඩකඩ තිබියදී පස්වෙනි තට්ටුවේ පුස්තකාලයේ මෙම කාන්තාව රැඳවූවේ ඇයි දැයි ප්‍රශ්නයක් බව පොලීසියේ උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. මෙම රැඳවීමට අමතරව සීඅයිඩීය තුළ රාජකාරි කරන උසස් පොලිස් නිළධාරීන් භාවිතාකරන වැසිකිලියක් භාවිතා කරන්නට ද ඇයට…

Read More

නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.

Minister Sarath Weerasekara abuses the law

අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා දැයි ඇස ගසා සිට එම රාජකාරිය නිසි අයුරින් කිරීමට අවැසි මඟපෙන්වීම් එම දෙපාර්තමේන්තුවට ලබාදීම මෙම අමාත්‍යාංශය භාර රාජකාරියයි. එහෙත් මහජනයා ලෙස අප බලාපොරොත්තු වෙන එම වැඩ කොටස මේ අමාත්‍යාංශයෙන් වර්තමානයේ සිදුවෙනවාද? එය විශාල ප්‍රශ්නයක් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සේවය කරන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක් ය. ඔහු අපි කවුරුත් දන්න රියර්…

Read More

“ගෑස් පෝලිම්වල ඉන්නට කම්කරුවන්ට වෙලාවක් නෑ” – RED

Workers in gas queues Red organization

ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන් බරපතල පිඩාවට පත් වෙනවා,” යැයි නිදහස් වෙළඳ කලාප කම්කරු ස්ත්‍රීන් අතර වැඩ කරන මානව සංවර්ධනය සඳහා වූ විප්ලවීය පැවැත්ම [Revolutionary Existence for Human Development] RED සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ ප්‍රධානි චන්ද්‍රා දේවනාරායන විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන්…

Read More

ඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් රතු එළියක්!

Drug shortages highlight health sectors

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා  දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ පෑමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවා තිබේ. 2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…

Read More