කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!

කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව පහුකරන මිනිස්සු මේ කැලේ මැද කඩ මණ්ඩියේ නැවතිලා කාලාබීලා ගිමන් නිවාගෙන උඩහට හෝ පහළට යෑම සිරිතක්. ඒත් ඔන්න දැන් ඒ සතුට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඩෝසර් කරලා. කතාවට කියන්නේ ලස්සන ඉන්ටර්ලොක් ගල් මල් හතිහලන මන්තීරුවකට ඉඩහසර ගන්න තමයි මේ ඩෝසර් කිරීම කියලා. ඉතිං ඊයේ හවස මටත් මේ කඩයක් කරගෙන රොටියක් ප්ලේන්ටියක් විකුණගෙන ජීවිතය ගැටගහගෙන ඉන්න ගැහැණියක්…

Read More

සාලි නිදහස්..!

Azad Sally has been acquitted by the High Court.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි ප්‍රකාශ කර තිබුණේ ‘අපේ නීතිය අපිට, ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට, ඒවා හරි වැරදි බලන්නේ අපි, කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක්, රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ ‘හදිසියයි’ හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ’. මෙම ප්‍රකාශය නිසා ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇතිවෙන බව ප්‍රකාශ කරමින්…

Read More

රාජිත ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වී ඇත..!

Rajitha Dissanayake resigns from Sri Lanka Broadcasting Corporation

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක කලාකරුවා අද ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලා  අස්වී ගෙදර ගිය පුවත සමාජ මාධ්‍යයෙන් දැක ගතිමි. ගුවන් විදුලියේ පරිපාලනය විසින් දිගින් දිගටම කෙරෙන කෙනෙහිලිකම් තව දුරටත් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ බව  ඔහු ප්‍රකාශ කර ඇත. ගුවන් විදුලියේ පරිපාලනය දරණ ඇතැමුන් නම් මැදමුලනේ පොල්වතු වලින් වැටෙන පොල්පිත්තකින් වුව කපා ගත හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේට මතක් කර දීමට මා කැමතිය. එහෙත් රාජිත දිසානායක වැනි ගුවන් විදුලියට සම්පතක් වූ ඉදිරිගාමී කලාකරුවකු ගුවන් විදුලියට නිර්මාණය කරගැනීම පහසු නොවේ. ගුවන් විදුලි පාලකයන් මේ තරම් අවරසිකයන් වී සිටීම ගැන මේ…

Read More

වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.

Protests against ATG trade union sabotage

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක්  නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස වතුපිටිවල BOI පිවිසුම ඉදිරිපිට දී එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සදහා  ප්‍රදේශයට ඇද හැලුන අධික  වැසි තත්වය පවා නොතකා  දිවයිනේ ප්‍රමුඛතම වෘත්තීය සමිති රැසකගේ  සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහාය පල කර තිබුනි. විරෝධතාව පැවැත්වුනේ ඇඟලුම් කර්මාන්තය, වතුකරය, සංචාරක කර්මාන්තය සහ ගෘහ සේවය ඇතුළු…

Read More

ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න

හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න, ලස්සන තරුණියක් කසාද බඳින්න, ඔය වගේ සාමාන්‍ය හීන ඕනෑම තරුණයෙක් ට තියෙනවා. සමහරුන්ට තියෙනවා හීනයක් නාසා ආයතනයට යන්න. අභ්‍යාවකාශගාමියෙක් වෙන්න, රොකට් එකක් අභ්‍යාවකාශයට යවන්න, ඇමර්සන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෝ ටිකක් හමුවෙන්න යන්න, ආචාර්‍ය උපාධි දෙකක් කරන්න, මේවාට අපි කියනවා සුවිශේෂ හීන කියලා. මේ වර්ග දෙකේම හීන දකින තරුණයෝ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක ඉන්නවා. හැබැයි…

Read More

ගියොත් ගියාමයි…

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවෙනි අදියරට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත. මෙම තත්ත්වය තුළ රාත්‍රී කාලයේදී විදුලිය බිඳවැටීමක් සිදුවුණහොත් එම තත්ත්වයන් සමනය කරන්නට විදුලි ඉංජිනේරුවෝ කටයුතු නොකරනු ඇත. යුගදනවි බලාගාර ගිවිසුමට විරෝධය පල කරමින් හා තවත් කරුණු කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය තම ඉල්ලීම් ඉටුනොවුණහොත් තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ ඉදිරි…

Read More