ගියොත් ගියාමයි…

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවෙනි අදියරට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත. මෙම තත්ත්වය තුළ රාත්‍රී කාලයේදී විදුලිය බිඳවැටීමක් සිදුවුණහොත් එම තත්ත්වයන් සමනය කරන්නට විදුලි ඉංජිනේරුවෝ කටයුතු නොකරනු ඇත.

යුගදනවි බලාගාර ගිවිසුමට විරෝධය පල කරමින් හා තවත් කරුණු කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය තම ඉල්ලීම් ඉටුනොවුණහොත් තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ ඉදිරි කාලයේදී ජල විදුලි බලාගාර සක්‍රීයව ක්‍රියාත්මක වුණත් විදුලිය බිඳවැටීමේ අනතුරක් ඇත. මීට අමතරව අප කළ විමසුමකට ප්‍රථිචාර දැක්වූ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරියෙක් ප්‍රකාශ කළේ ඩොලර් අර්බූදය නිසා ඉදිරියේදී විදුලිය කපාදැමීම අනිවාර්‍ය වෙනු ඇති බවයි.

Social Sharing
නවතම