වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!

Plantation workers strike against pay cuts

සිය  දෛනික  මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින්  දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක්  එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23  වැනි අඟහරුවාදා   ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය පළ කළ බවයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන්ය. නුවර එළිය, ආගරපතන,  ඇල්බියන් වත්ත, බ්‍රස්ටන්, සින්න නාගවත්ත, නිව් බ්‍රස්ටන් ආදී වතුවල තේ දළු නෙලන කම්කරුවන් අද දිනයේ සේවා ස්ථිනයට වාර්තා කර සිය රාජකාරිය ඉටු නොකරමින් වැඩ වර්ජනය දියත් කර තිබේ. එයට සමගාමීව සින්න නාගවත්ත වතු කම්කරුවන් විසින් විරෝධතාවයක්ද දියත් කළ බව පළාත් බද…

Read More

ආණ්ඩුවේ කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය නිසා ජිවිත රැසක් අහිමි වේ.

kinniya

අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද  උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි ගමන් කළ පාසල් සිසුන් ඇතුලු ගම්වැසියන් 05 කු මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 07 කු අතුරුදහන් වී ඇත. එමෙන්ම 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේ වන විටත් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා…

Read More

“මෛත්‍රී ජනපති උනේ ඇමරිකන් උවමනාවට” – නවීන් කියයි.

Ranil maithripala 2015 Presidential Election

ශ්‍රී ලංකා‍‍‍වේ 2015  වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක්  පවසයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි වනු ඇතැයි සළකනු ලැබීම නිසා, 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විය යුත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින්  ඉදිරිපත් කළ පුද්ගලයකු බවට දැනුම් දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව, නවීන් දිසානායක  ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපතිනිය විසින්…

Read More