රසායනික පොහොර ගෙන්වීමට උපදෙස් දුන් කිසිවෙක් අද හොයා ගන්නත් නැහැ – ඇමති දයාසිරි කියයි.

dayasiri

සියයට සියයක් කාබනික පොහොර  පමණක් යොදලා  වගා කරන රටක් ලෝකේ කොහේවත් නැති බවත්  ලෝකෙ රටවල් 68 ක්  සියයට සීයයක් කාබනික පොහොරින් වගා කරන්න උත්සාහ කළත් ඒ රටවල්වලටත් වැරදුන බව බතික් අත් යන්ත්‍ර රෙදි හා  දේශිය ඇඟලුම්  නිෂ්පාදන  රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. කළුතර දිස්ත්‍රික් පාර් ලිමේන්තු  මන්ත්‍රි අනුප පස්කුවල් මහතාගේ  මැදිහත්විමෙන්   වැලිපැන්න ප්‍රදේශයේ ආරම්භ කළ ග්‍රාමීය සපත්තු කර් මාන්ත  ගම්මානයේ කර් මාන්තකරුවන්  වෙනුවෙන් උපකරණ ලබාදිමෙන් පසුව පැවති උත්සවය අමතා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ  අදහස් ප්‍රකාශ කලේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා, “  වසරකට මෙරටට රසායනික පොහොර…

Read More

පළාත් සභා ක්‍රමය රටට අනවශ්‍ය විකෘතියක් – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

channa

පළාත් සභා ක්‍රමය අනවශ්‍ය දෙයක්, රටට බරක් අනවශ්‍ය විකෘතියක්, පළාත් සභා ක්‍රමයට මම එදත් අදත් හෙටත් විරුද්ධයි. ඒක මගේ පෞද්ගලික මතය. ඕනම තැනක මම ඒක කියනවා යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ගලෙන්බිදුණුවැව යකල්ල හුරුලුවැව රොහලේ බහු කාර්ය ගොඩ නැගිල්ල සදහා මුල් ගල තැබීමේ උත්සවය සදහා සහභාගිවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේය. රුපියල් කෝටි අටක මුදලක් වියදම් කොට යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ මැදිහත් වීමෙන් ගොඩ නැගිල්ල සදා නිම කිරිමට නියමිතව ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට…

Read More

වසර දෙකක් නඩු නැතිව හිරේ සිටින 63 ක් නැවත රිමාන්ඩ්.

pasku

දෙවසරකට ඉහතදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන් දෙනකු  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට  මඩකලපුව  අධිකරණය  නියෝග කර තිබේ. මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලා ලා තිබීම හේතුවෙන් සැකකරුවන් හැට තුන්  දෙනා   ශාරිරික ලෙස  අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ අතර විනිසුරුවරයා වීඩියෝ  තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවා ඇත. එහිදි මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන්  නියෝග කර ඇත්තේ සැකකරුවන්  ඔක්තෝබර් 28   වැනි දා  දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය. පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ  මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති   සහරාන් හෂීම් සමඟ…

Read More