විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

vimukthi

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා වඩා ගන්නා බව එම වැඩ සටහනේ කියැවිණ. මේ  කටුසු ප්‍රභේදය ගෘහස්ත පරිසරයක පරිනාමය වන විට කාලානුරූපී ව ඔවුන්ගේ සැකිල්ලේ අස්ථි දුර්වල වී ඇති බව කුමාරණතුංග වෛද්‍යවරයා විශ්ලේෂණය කළේ ඉතා විචක්ෂණ ආකාරය ට ය. ඒ කරුණු ඔහු ගෙනහැර දැක්වුයේ තමන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල ලෙසිණ. ස්වභාවික නොවන ගෘහස්ත පරිසරයක කටුස්සනට සැපයෙන ආහාරවල යකඩ හා කැල්සියම් හීනතාව නිසා කාලයක්…

Read More

රැඳවියන් 12 කු වස බීමෙන් දෙදෙනෙකු මිය යයි.

remand prison

කොළඹ වැලිකඩ , රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 12 කු  විෂබිජනාෂක දියර පානය කිරිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු රෝහල් ගත කර ඇත. ඊයේ (14) ඉරාන රැඳවියන් බැලීමට ඉරාන තානාපති කාර්යාලයෙන් පැමිණ ඇත. එහිදි ඔවුන්ට අවැසි සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී තිබේ. ඒ් අතර දෑත් පිරිසිදුකාරකද තිබී ඇත. එසේ ලැබුණු දෑත් පිරිසිදුකාරක මෙම රැඳවියන් 12 පානය කර ඇති බව පැවසේ. මෙම රැඳවියන් පිරිස මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද විරෝධතාවක නියැලි සිටියි.…

Read More

රැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදි රැඳවියන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට  අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙක් පිටස්තර පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් දුර දිග යාම නිසා ඊට පළිගැනිමක් වශයෙන් මෙම පහර දීම සිදුව ඇති බව පැවසේ. ඒ අනුව වැඩ තහනම් වු  නියාමකවරුන් 05 දෙනා විනය පරීක්ෂණයකට යටත්ව වැඩ තහනම් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන අතර එක් පරීක්ෂණයක් බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකු සිදුකරයි. අනෙක් පරීක්ෂණය අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා විසින් සිදුකරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව…

Read More