බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!

ali sabri

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් බන්ධනාගාර දෙකක් තුළට ඇතුළු වීම සහ ගිනි අවියක් පෙන්වා ඉකුත් සැප්තැම්බර් 12 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වි ඇත. නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර දේශපාලන කණ්ඩායම් මෙන්ම සිවිල් සමාජ සංවිධානද…

Read More

යොහානි, ආසාද්මික විය හැකිය..!

yohani

යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා. මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක. ඒකේ සංගීතය වගේම ගායන විලාසය සෑහෙන්න අල්ලලා ගියා කීවොත් හරි. ඒක මිනිස් හිත කිතිකවන අලවන සොලවන සංගීතයක්. එහෙම සිංදු ලෝකේ පුරා බිහිවෙනවා. ඒවට සීමා නැතුව සරන්න පුලුවන් කියන එක වගේම ලංකාව කියන හුණ්ඩුව ඒකට අදාළම නෑ කියන කතාව යොහානිගෙ මේ සිංදුවෙන් ඔප්පුවෙනවා. මේකේ පද රචනාව කියවලා කෙනෙක් කියන්න පුලුවන් කිසි ගැඹුරක් නෑ කියලා. ඒත් මම…

Read More

ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු කාන්තාවක් අභියාචනාධිකරණයෙන් නිදහස් කරයි!

court

හෙරොයින් සන්තකයේ තබාගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වු තැනැත්තියක් විසින් ඊට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරිමෙන් ඇයට අභියාචනාධිකරණයෙන් සාධාරණය විනිශ්චයක් හිමිව ඇත. හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින් 2019 ජනවාරි 18 වැනි දින පතිරගේ ජයන්ති නැමැත්තියට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කර ඇත. ඇය ඒ් සම්බන්ධව එම දඩුවමට එරෙහිව මෙම අභියාචන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ් අනුව අභියාචනාධිකරණය ඇය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි එකී කාන්තාව  නිදොස්…

Read More

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

welikada

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ දින සිරකරුවන් 89 ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරිමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉකුත් 20 දින වහල මත නැඟ විරෝධතාවයක නිරත විය. ඒ් ඔවුන්ටද සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඊයේ (21)  වැනි දිනයේත් සිරකරුවන් දස දෙනෙක්  පමණ නිදහස ඉල්ලා   විරෝධතාවයේ නිරත විය. මේ අතර ඊයේ දින සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ද ආහාර වර්ජනයකට…

Read More