ඉෂාලිනීගේ තාත්තා සහ දරුවන්ට හොඳම දේ දුන් තාත්තා. – කේ. සංජීව

sexual harassment child abuse in sri lanka

හොඳම දේ දරුවන් ට දියයුතු බවට වූ ලොව ප්‍රකට කතාවක් ඇත. ඒ කතාව සියයට දෙසීයකින් ඉටුකළ අපේ කාලයේ තාත්තා නම්, ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ ලොකු පුතාට නීතීඥ උපාධියක් ද ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ද අරගෙන දුන්නේ ය. දෙවෙනි පුතාට නාවික හමුදාවේ ඉහළ තනතුරක් ද විදෙස් රටක නාවික පුහුනුවක් ද ලබාදුන් ඔහු රග්බි ක්‍රීඩාවෙන් රටේ ඉහළට නඟින්නට ඉනිමඟක් විය. තෙවෙනි පුතාට ගණිතය පිළිබඳ ආචාර්‍ය උපාධියක් ද ලංකාව වෙනුවෙන් රොකට්ටුවක් යවන්නට වරම් ද උදාකර දුනි. මෙවැනි ලොව තිබෙන හොඳම දේවල් තමන්ගේ දරුවන් වෙනුවෙන් වෙන් කළ තාත්තා මෙරටේ දෙවතාවක් ජනාධිපති ධුරය ද…

Read More

අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!

Supreme Court seeks justice for unjust naval personnel

සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට  එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත. ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක පුෂ්පකුමාර මහතා නාවික හමුදාවේ විදුලි ශිල්පියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි සේවා කොන්ත්‍රාත් කාලය දිර්ඝ නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කර තිබුණි. මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ විදුලි හා විද්‍යුත් අංශයේ අධ්‍යක්ෂ ජනාරාල්, නාවික හමුදාපතිවරයා ඇතුළ පස් දෙනෙකුවය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම …

Read More

බේරුවල ධීවරයින්  එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ඉල්ලයි!

Beruwala fishermen demand compensation for Express Pearl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට උණුසුම් කළේ මීට මාස දෙකකට ඉහතදීය. එහිදී සාගරයට, පරිසරයට හානි වූවා සේම මුහුදු ජිවීන්ද විශාල වශයෙන් මිය ගියහ. එමෙන්ම මේ නෞකාව මුහුදුබත් වීම නිසා මෙරට ධීවරයින් රැසකටද සිය දෛනික රැකියා අහිමිව ගියහ. තවත් පිරිසකගේ ධීවර ආම්පන්න විනාශ විය. කොරොනාවෙන් හෙම්බත් වී සිටි ඔවුන් මේ නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා කබලෙන් ලිපට වැටුණි. රජය එදා බලාපොරොත්තු වූයේ මේ නෞකාව අයත් සමාගමෙන් වන්දි ගැනීමටය. එහි එක් පියවරක් ලෙස මේ වන විට රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මෙරටට ලැබී ඇත. අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා…

Read More

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ අහිංසක ජීවිත (01) | Microfinance Crisis

Read More

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

The police have no right to attack people Lakshan Dias

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන විශේෂ ස්තූතියක් කල යුතුය. දැන් මේ පනත අපේ රටේ නීතියේ කොටසකි. නීතිය පාලක පංතියේ ආයුධයක් බව මාක්ස්වාදී නිර්වචනයයී. ඕනෑම ආණ්ඩුවක් නීතිය තම වාසියට භාවිතා කරන බව එහි අදහසයි සහ මර්ධනයටද නීතිය භාවිත කරන බව කාල් මාක්ස් ගේ න්‍යායයි. කෙසේ වෙතත් නුතන ලෝකයේ එය එසේ විය යුතු නැති බවට සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හා නීතියේ ආධිපත්‍ය භාවිතා…

Read More

කඳුකරයේ දරුවන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම වර්ගවාදී සංහාරයේම තවත් පැතිකඩක්! – මාරිමුත්තු සතිවේල් පියතුමා

Child slavery Children in the plantation sri lanka

කඳුකරයේ  දරුවන් ඇතුළු දෙමළ තරුණියන්  මෙහෙකාර සේවයට  තල්ලු කිරීම  ශ්‍රී ලංකාවේ  කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බවත්  මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි. එහි ප්‍රතිපලයක් ලෙස කඳුකරයේ මේ වන විට වතු කම්කරුවන් ලෙස සේවයේ සිටින්නේ එක්ලක්ෂ හතලිස් හයදහසක් පමණක් වුවත් එවැනි තුන් හතර ගුණයක තරුණ තරුණියන් අගනගරය ආශ්‍රිතව සේවයේ සිටින බව පියතුමා අවධාරණය කළේ විවිධ ජනවර්ග වෙත මුදාලන පීඩනයන් හෙළා දකිමින් “83 – කළු ජුලිය ආවර්ජනයෙන් ඔබ්බට ගමන් කරමු!” තේමාව යටතේ ක්‍රිස්තියානි…

Read More