සංචාරක / හෝටල් අර්බුදය දික් ගැස්සේ!

The tourist hotel crisis in sri lanka minister of tourism

සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර තවත් හොටල් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනුණි. මෙහිදී හෝටල් වල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුට සිදු වුයේ ගෙදර යෑමටය. රැකියා අහිමි වීම මත ඔවුන්ගේ ජිවිත අවිනිශ්චිතභාවයකට ලක් විය. සංචාරක ක්‍ෂෙත්‍රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුළුව වක්‍ර සේවාවන් හී යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්‍ෂෙත්‍රයේ සමස්තයක් වශයෙන් ගත්…

Read More

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයකට දස අවුරුද්දක් තිස්සේ නොසැලකිල්ල!

communication and media studies in sri lanka ceylon teachers union

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් තුළ  ආරම්භ කර  වසර දහයකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා  විෂය අධ්‍යක්ෂවරු පත් කිරීමට කටයුතු කර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ජුනි 04  දිනැති ගැසට් පත‍්‍රය මගින් ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගයට අයඳුම්පත් කැඳවා ඇති අතර  එම ගැසට් නිවේදනයේ එක් එක් විෂයයන්ට අදාළව පවතින පුරප්පාඩු දක්වා ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. මීට හේතු වී ඇත්තේ එම විෂයට අදාළ විෂය අධ්‍යක්ෂ තනතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරවා නොගැනීම බවයි ලංකා…

Read More

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

Report of the Easter Attack Commission

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

Demands from European governments for Ahnaf jazeem release

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු පසුගිය මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් කළ ඉල්ලීමෙන් අනතුරුවය. “ජසීම් මහතා වහාම නිදහස් කරන ලෙස, එසේත් නැතිනම් සාධාරණ නඩු විභාගයක අයිතිය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගතව කඩිනමින් චෝදනා ගොනුකරන ලෙස ඉල්ලීම සඳහා…

Read More