බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ් රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. වසර ගණනාවක සිට බන්ධනාගාර වල ඝාතන, වදහිංසා, අමානුෂික ක්‍රියාවන් සිදු කරමින් පවතින බවත් අවසානයේ බැලු විට ඒවා කරපු කිසිවෙකුත් නැතැයිද ඔහු පවසයි. ඊට නිදසුන් ලෙස ඔහු පෙන්වා දුන්නේ 1983 කලු ජුලියේදී වැලිකඩ සිද්ධිය, බිඳුනුවැව වැඩ කඳවුරෙත් රැඳවියන් වදහිංසා කර ඝාතනය කළ අවස්ථාව, කලුතර බන්ධනාගාරයේ…
Read MoreMonth: November 2020
නීතිඥ හෙජාස් හිස්බුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම පලි ගැනීමක්ද? – LAWASIA
නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දිගින් දිගටම රඳවා තබා ගැනීම, ඔහු විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතර ප්‍රජාවේ ව්‍යවස්ථාමය අයිතීන් වෙනුවෙන් කරන ලද නීති ක්ෂේත්රයේ කරන ලද මැදිහත්වීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට එරෙහිව රජය විසින් කරන ලද පලිගැනීමක් විය හැකි බවට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංවිධානයක් පෙන්වා දෙයි. හිටපු සේවාදායකයෙකු වෙනුවෙන් පුද්ගලයකු සමඟ ඔහු කළ සංවාදයක් සහ ඔහු සම්බන්ධව සිටි පුණ්‍යායතනයක් පිළිබඳව වන නොපැහැදිලි චෝදනා මත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 අප්‍රේල් 14 දින අත්අඩංගුවට ගන්නා ලද නීතිඥ හිස්බුල්ලා රඳවා තබා ගැනීම හෙලාදකිමින් ආසියා ශාන්තිකර නීතිවේදී අයිතිය වෙනුවෙන් පෙනී…
Read Moreඅපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,
මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ රටේ සිටින මේ අයුක්තියට ශාප කරන සියළු මහජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ පපුව ගැහෙන තරම අපි දැනෙනවා. ඔබ නිහඩව දරාගෙන සිටින ප්‍රමාණය අපි දන්නවා. ඒත් මේ වෙලාවේ අපි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒත් සීමිත පිරිසක් වුනත් ඔබගේ ජීවිතය වෙනුවෙන් සටනක් දෙනවා. ඔබ මාව දන්නේ නෑ. මම ඔබව දන්නේ නඩු…
Read Moreවයිරස් එකට වඩා මරණීය තර්ජනයක් !
“වයිරස්” එකට වඩා මරණීය තර්ජනයක් අද මනුස්ස සංහතියට එල්ල වෙලා තියෙනවා. ඒක ගැනයි අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ, මෑතකදී “the virus is a wake up wake up call” යන මාතෘකාව යටතේ පරිසර වේදීන් දෙදෙනෙකු සමග පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී, ඉන්දියාවේ අති දැවැන්ත පරිසර වේදිනියක් වන වන්දනා ශිවා මහත්මිය විසින්. ඇයගේ ව්‍යක්ත ඉදිරිපත් කිරීම් විලාසය, ඇය සමග උරෙනුර ගැටී කරුණු පැහැදිලි කළ කැනේඩියානු පරිසර වේදී ඩේවිඩ් සුසූකි මයාගේ හඬ මගේ අවධානයෙන් ගිලිහී යාමටද සමත් විය. මේ සටහන මම ඉදිරිපත් කරන්නේ එම සාකච්ඡා වේ සිංහල පරිවර්තනයක් ලෙස නොව, ඇය ඉදිරිපත් කළ කරුණු…
Read MoreLPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!
පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන් වගේම වරදකරුවනුත් මේ මොහොතේ බිය වීම සාධාරණයි. ඒ එක සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හරහා බන්ධනාගාරය අස්සට කොවිඩ් මාරයා ආවොත් ගැලවීමක් නැහැ කියලා, මේ රැඳවියන් දන්නවා. මේ නව සාමාන්‍ය තත්ත්වය අස්සේ සිරකරුවන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඒ උද්ඝෝෂණ සහ ඉල්ලීම් මුලින්ම සිරකුටියෙන් එළියට ඇවිත් සමාජයට පෙනෙන්න ගත්තේ අඟුණකොළපැලැස්සේ රැඳවියන් සිරගෙදර වහලය මතට නැඟලා කරපු උද්ඝෝෂණය හරහා. මේ…
Read Moreඑදා වැලිකඩ අද මහරද?
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව අවසානයේ කෙළවර වූයේ අත්තනෝමතික ලෙස රැඳවියන් 27 කු ඝාතනය වීමෙන් හා තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබමිනි. අතීතයේ සිදු වූ මේ වැලිකඩ සංහාරය යළිත් අපට සිහිගන්නවන්ට සිදුව ඇත්තේ යළිත් එවන් සිදුවිමක් වාර්තා වෙමින් පවතින නිසාය. ඒ මහර බන්ධනාගාරයේය. බන්ධනාගාර කොවිඩ් පොකුරු මේ වන විට කොවිඩ් 19 පොකුරක් බන්ධනාගාර තුලද බිහි වෙමින් ඇති අතර 1091 කු දෙනෙකු…
Read Moreනූතන පටාචාරා ඇයද?
ඇයගේ නම පද්මා වික්රමරත්නය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දෙවැනි දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. ඇය විවාහ වී සිටියේ ජෙරාඩ් මර්වින් පෙරේරා සමඟිනි. ඔහු කොළඹ නැව්තටාංගනයේ සේවය කළ අයෙකි. පද්මාගේ නිසලව තිබු පවුල් ජිවිතය උඩියටිකුරු වුයේ තෙවැනි දරුවාට මාස හයක් වන විටය. ඒ 2002 වසරේ ජුනි 02 දාය. එවකට පද්මා හා ජෙරාඩ් පදිංචිව සිටියේ ගෝණගහ, මිහිඳු මාවත, ඇහැටුගහගොඩැල්ල, අංක 52/බී/ 2 යන ලිපිනය දරන ජෙරාඩ්ගේ නිවසේය. වත්තල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ ජෙරාඩ්ව අත්අඩංගුවට ගනු ලැබුයේ ත්‍රි පුද්ගල ඝාතනයකට අවශ්‍ය සැකකරුවෙකු බව කියමිනි. වෙනත් ජෙරාඩ් නැමැති පුද්ගලයෙකු සිදුකර තිබු වරදට වත්තල…
Read Moreඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාවය තව දුරටත්!
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් අද (29) දිනයේද සිරමැදිරියක වහලය මත නැඟ සිටියහ. පසු ගිය 23 දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරි දෙකක වහලවල් මත නැගි රැදවියන් 15 දෙනෙකු විසින් මෙම විරෝධතාවය ආරම්භ කරන ලද්දේ වෙනත් බන්ධනාගාර වල සිටින රැදවියන් නිරෝධායනය සදහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙන එමට විරෝධය දක්වමින්ය. පසුවී විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වෙනස් වූ අතර ඔවුන් පසුව ඉල්ලීම් කරන ලද්දේ ගොනු කොට ඇති අභියාචනා නඩු ඉක්මන් කරන ලෙසත් සිවුවස් සමාකාලය ක්‍රියාත්මක කරන ලෙසත්ය. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පවතින ජල ගැටළුවට විසඳුමක් ලබා දෙන…
Read Moreඅසමත්කම් රාශියක් මැද ආණ්ඩුවේ එකම සමත්කම “හයි ස්පීඩ් ඇප” – උලපනේ සුමංගල හිමි
ආණ්ඩුවේ අසමත්කම් මැද පහුගිය සතියේ පමණක් හයි ස්පීඩ් ඇප ලැබීමේ ක්‍රමයක් අධිකරණ පද්ධතිය තුලින් දැක ගන්නට ලැබුණු බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. පහුගිය කාලයේ ආණ්ඩුවේ ශේෂ පත්‍රය දෙස බැලු විට අධිකරණ පද්ධතිය පිලබඳව, නීතිය කඩා වැටිම පිලිබඳව රටේ ජනතාව තුල ඇත්තේ බරපතල සැකයක් බවත් ආණ්ඩුව පහුගිය කාලය තුල ගන්නා ලද සෑම තීරණයක්ම මහ පොලොව තුල ආසාර්ථක වී අසමත් වෙද්දි, රට තුල මහරජාණෝ ෆේල් කියා මතයක් ගොඩනැගෙද්දී ඒවා වාර්තා කරන මාධ්‍ය මර්ධනය කරනු විනා ඒ වැරදි සකසා ගන්න උත්සහ ගන්නේ නැතැයිද උන් වහන්සේ පවසයි. වටේ…
Read Moreමේ ආණ්ඩුව දැන් කරන්නෙත් 2005-2010 කාලේ කරපු ටිකමයි!
ආනන්ද ලැනරෝල් – බද්දේගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලංකාව දැනට නිදහස ලබා ගැන වසර 72 ගත වී තියෙනවා, ඒ වසර 72න් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඔස්සේ වසර 30ක් රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු 42 විධායක ජනාධිපතිවරු ඔස්සේ පාලනය වී තියෙනවා. මේ අනුව සමහරු හංවඩු ගසන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියා, එසේනම් ඇයි තවමත් ලංකාව තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් වී ඇත්තේ? රුවන්ඩාව වැනි රටවල් සමග සමඟ සංසන්දනයේදී පවා ලංකාවට ඇත්තේ ඉතා පහළ තත්ත්වයක් බව පෙනී යනවා. මෙම විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් බව හැඳින ගත් අය තමයි ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි…
Read More