මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු, ගීත වලට තනු නිර්මාණය කරන්නෙක් විතරයි කියලා කියන්නෙත් නැහැ. වෙන කවුරුවත් ලියල දෙන පද පේළියකට තනුවක් දාලා කියන එක විතරක් නෙවෙයි ඔහු කලේ.
සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක් කියලයි මට හිතෙන්නේ.
අපි කවුරුද ගීතය අලුතෙන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය වුණේ සංගීත් විජේසූරියගේ WAYO සංගීත කණ්ඩායමේ ගීතයක් විදිහට. පස්සේ තමයි එහි ඇත්ත නිර්මාණකරුවා හඳුනා ගත්තේ. විජේරත්න වරකාගොඩ ගේ රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයත් ඒ වගේ. මේ ගීත එතරම් ජන ආකර්ෂණයක් නැතුව වැලලිලා තියෙද්දි ඒකට අලුතෙන් සංගීත සංයෝජනයන් යොදලා, කොල්ලෝ කෙල්ලෝ නැටවෙන විදිහට පණ ගහලා ගත්තේ සංගීත්ලා, B&S ( සිරි සඟ බෝධි මාලිගාවේදී ) වගේ අලුත් ගායකයෝ. මේ ප්‍රයත්නයන් අගය කරනවා වෙනුවට ඒවායේ මුල් අයිතිය වෙනුවෙන් රණ්ඩු කරගන්න ගිහින් අපිට හොඳ ගීත එකතුවක් update වෙන්නේ නැතුව අහිමි වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒවා සාමකාමීව කිනෙකාට ප්‍රයෝජනවත් වෙන විදිහට විසඳගන්නවනම් හොඳයි. (ජිප්සීස් ගායක සුනිල් අයියා ඒවගේ කෙනෙක්)
සේනක බටගොඩ ආයෙත් මිනිස්සු හඳුනා ගන්නකොට ඔහු වයසට ගිහින්. යළිත් මිනිස්සු අතරට එනකොට එයා යන්නම ගිහින්…
සුබ ගමන් මිත්‍රයා .. – අශෝක හඳගම