බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!

බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක් බවට අධිචෝදනා ඉදිරිපත් කරමින් ඒවකට කන්දකැටිය පොලීසියේ සේවය කළ පොලිස් නිළධාරීන් හය දෙනෙකුට එරෙහිව (නඩු අංක 01/2015) නීතිපතිවරයා විසින් බදුල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුනි.

2017 ජනවාරි 09 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ඉහත පොලිස් නිලධාරීන් 6 දෙනාම වරදකරුවන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා දෙන ලදී. මෙය ‌ෛඑතිහාසික නඩු තීන්දුවක් අතර, ඉතා කෙටි කාලයක් තුළ අපරාධ නඩුවක් අවසන් කිරීම සම්බන්ධව අධිකරණයට ප්‍රසංසාව ද හිමි විය.

මේ සම්බන්ධව, සදුන් මාලිංගගේ දෙමාපියන් විසින්, නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ මාර්ගයෙන් ඉහත විත්තිකරුවන්ට ඒරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක්  2014 වසරේ දීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබුනි. SCFR 157/14, 182/14, 183/14, 184/14, 185/14,   යටතේ විභාගයට ගැනුන ඒම මූලික අයිතිවාසිකම් පෙත්සම්හී තීන්දුව පසුගියදා ප්‍රකාශය පත්කරනු ලැබුවේ, සදුන් මාලිංගගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ සම්බන්ධව ඉහත පොලිස් නිළධාරීන් විසින් වන්දි මුදල් ප්‍රධානය කළ යුතු බවට ද නියෝග කරමිනි.

පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කළ මෙම අනීතික ක්‍රියාව නිසා මෙම තරුණයා අකාලයේ මිය යාම හේතුවෙන් සදුන් මාලිංගගේ දෙමාපියන් ඉන් අසරණවී ඔවුන් ජීවත් වූ ප්‍රදේශය හැරදා වෙනත් ප්‍රදේශයකට ගොස් ජීවත්වීමට පවා සිදුව තිබේ. ඒමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධව වූ පොලිස් නිළධාරීන් හයදෙනාටම මරණ දඩුවම හිමිවීම නිසා ඉන් තවත් දරුපවුල් හයක් අන්තඅසරණ තත්ත්වයට පත්ව තිබේ.

නමුත්, මෙවැනි සිද්ධි ඇති වීම වැලැක්වීම සදහා අප විසින් ඉතා වැදගත් නීති සම්පාදනය කර ඇති අතර ඒම නීති ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය යන්ත්‍රණයන් ද ස්ථාපිත කර තිබේ. නමුත්, මේ නීති හා අදාල යන්ත්‍රණයන් නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා අද වන විට සදුන් මාලිංගගේ ජීවිතය අහිමි වී ඔහුගේ පවුලත්, තවත් පවුල් හයක් සම්පුර්ණයෙන් අසරණ භාවයට පත්වී තවත් 6 දෙනෙකුට ජීවත්වීමේ අයිතිවාසිකමට දැඩි සීමා පැන වී ඇත.

මෙම සිද්ධියේ දී අදාල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා තමන් භාරයේ සිටින සැකකරැවන් පිළිබද සොයා බැලුවේ නම්, සදුන් මාලිංග අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා ඔහුව හරියාකාරව පරීක්ෂා කර බලා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව වාර්තා කළේ නම් හෝ, අධිකරණයේ දී මහේස්ත්‍රතාත්වරයා සැකකරුගෙන් විමසා හෝ ඔහුගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව සොයා බැලුවේ නම්, අවසානයේ බන්ධනාගාරයේ දී ඔහුගේ අසනීප සම්බන්ධව බන්ධනාගාර නිළධාරීන් සොයා බැලුවේ නම් අද මේ පවුල් සංස්ථා හතම සතුටින් ජීවත් වීමට බොහෝ ඉඩ කඩ තිබුනි.

නමුත්, අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේ දී මූලිකත්වයක් සැපයිය යුතු ඉහත සංස්ථා හතරම ඔවුන්ගේ නීතිමය වගකීම් නිසියාකාරව ඉටු නොකිරීම නිසා අද වන විට සදුන් මාලිංග පමණක් නොව ලංකාවේ විශාල පිරිසක් ඉන් දැඩිව පීඩාවට පත් වී තිබේ. මෙම සංස්ථාවන් හරියාකාරව ක්‍රියාත්මක කරවා ගැනීමේ වගකීම වෙනදාටත් වඩා අද තදින් දැනී තිබෙන නිසා රටේ ජනතාවගේ අවධානය මීට වැඩි වශයෙන් යොමු විය යුතුය.

සිදුවීම සම්බන්දයෙන් 2014 වසරේදී කල විරෝධතාවය

Social Sharing
නවතම