පළාත් සභා ඡන්දෙට පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්!

එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද එහි ලේකම්වරයා වෙත භාර දී ඇත.

එම යෝජනාවලියෙන් පසුගිය වසර 3ක අත්දැකීම් සැළකිල්ලට ගෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටත්, විෂයභාර අමාත්‍යවරයාටත් ප්‍රසාදය පළ කරමින් පහත කරුණු සඳහන් කර ඇත.

  1. සංශෝධනයේ පදනම ලෙස සැළකිය යුතු නොඑසේනම් නොසළකා නොහැරිය යුතු ප්‍රධාන කරුණු

 

■          සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතුය.

■          කාන්තාවන් සඳහා කෝටාව 25% එලෙසම ආරක්ෂා විය යුතුයි.

■          කොට්ඨාස පදනම ආරක්ෂා විය යුතුයි.

■          පළාත් පාලන සභික ප්‍රමාණය අවම වශයෙන් 30% හෝ අඩු විය යුතුයි.

 

ඉහත සඳහන් පදනම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු.

1          කොට්ඨාස ප්‍රමාණය 20% අඩු කිරීම

2          ලැයිස්තුවට  හිමිවන ප්‍රතිශතය 40% සිට 30% දක්වා අඩුකිරීම. නොඑසේනම් මෙතෙක් පැවති 60% – 40% අනුපාතය 70% – 30% වෙනස් කිරීම.

3          පදිංචිය සනාථ කිරීමට ක්‍රමවේදයක්

4          රාජ්‍ය නිලධාරීන්  තරග කරන ප්‍රදේශයෙන් බැහැර රාජකාරී කරන බවට සහතිකයක්

5          වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමග ලබාදීම

6          වර්තමානයේ  නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම තාක්ෂණික කරුණු කිහිපයකට පමණක් සීමා වී ඇත. එබැවින් පහත සඳහන් කරුණු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමේ නිර්ණායක තුළට ඇතුලත් කළ යුතුය.

7          අදාළ ඡන්ද බලප්‍රදේශයේ පදිංචිය සනාථ කිරීම සඳහා විධිමත් ලේඛන ඉදිරිපත් කිරීම

8          රජයේ සේවකයෙකු නම් අදාළ ඡන්ද බලප්‍රදේශයේ රාජකාරී නොකරන බවට නීතිමය පිළිගත් ලේඛනයක් ලබා ගැනීම / රාජ්‍ය නිලධාරියෙකු නොවන්නේ නම් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතුය.

9          වත්කම් බැරකම් ප්‍රකාශ

10        කාන්තා නියෝජනය

11        කාන්තාවන් සඳහා වන 25%  අනිවාර්ය කෝටාව එලෙසම තබා ගත යුතුය.

12        කාන්තාවන්ගේ තරග කිරීමේ කෝටාව 10% සිට 15%  දක්වා වැඩිකළ යුතුය.

13        තරග කර පරාජය වන කාන්තාවන් අතුරින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගන්නා කාන්තාවන්ට ලැයිස්තු හරහා තෝරා ගැනීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.

14        කාන්තා සභිකයින් තේරීම සඳහා ක්‍රමවේදයක්

15        ඡන්ද දායකයාට අපේක්ෂකයා තෝරා ගැනීමට ක්‍රමවේදයක්

16        ඡන්ද දායකයාට මුලු පළාත් පාලන බල ප්‍රදේශය තුළ තමා වඩාත්ම කැමැති අපේක්ෂකයින් තේරීමට ඉඩක්.

17        ප්‍රචාරක වියදම් සීමා කිරීම

18        තරුණ නියෝජයට ඉඩක්

19        හොඳම පරාජිතයාට ලැයිස්තුවේ ප්‍රමුඛතාවය

20        ස්වාධීන කණ්ඩායමක නායකයෙකු ඉවත් වීම/මිය යෑම

මීට අමතරව පළාත් පාලනයට අදාල පොදු ගැටලු 15 ක් මේ සමග අවධානයට යොමු කර ඇත.

-ශානි-

Social Sharing
නවතම