දරුවන්ගේ ඉරණම මෙන්න!

ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.’1929′ ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණ වාචිකව ඉදිරිපත් කිරීමෙන් , තැපැල් මගින්, ලිඛිතව ආදී  මාර්ග වලින් මෙම පැමිණිලි  ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇත.

මෙහිදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන පැමිණිලි 2580 ක් ලැබී ඇත්තේ විවිධ හිරිහැර සම්බන්ධයෙනි. කෲරත්වට පත් කිරීම් 2237 ක්, අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් 643 ක්, ලිංගික හිරිහැර 548 ක්, නොසලකා හැරීම් 466 ක්, බරපතල ලිංගික අපයෝජන 373 ක්, බාල අපරාධ 270 ක්, දුෂණ 256 ක්, ළමා ශ්‍රමය සූරා ගැනීම්, සිඟමනේ යෙදවීම් ආදිය අනෙකුත් පැමිණිලි අතර වේ.

මෙයින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ් පැමිණිලි 1134 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 944 කි. තෙවනුව ඇත්තේ කුරුනෑගලය. ඒ් පැමිණිලි 627 ක් ලෙසිනි.

2019 වසරේදී පැමිණිලි 8558 ක් ලැබී තිබු අතර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දරුවන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙනි. ඒ් පැමිණිලි 2342 ක් ලෙසිනි.

පහුගිය වසර කිහිපය පුරාවටම වැඩිම දරුවන් ප්‍රමාණයක් හිරිහැරයට ලක් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම පළමු තැන රැඳි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වීම මෙහිදී කැපී පෙනෙන කරුණකි.

ශානි

ඡායාරූපය අඅන්තර්ජාලයෙනි…..

Social Sharing
නවතම