අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් සෙවීම වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට පැසසුම්!

අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයින් සෙවීම වෙනුවෙන් කරනු ලබන මෙහෙවර උදෙසා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකවරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට මෙවර පර් ඇන්ගර් සම්මානය (Per Anger Prize) හිමි වී ඇත.

2009 වසරේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකාවේ වසර 26ක සිවිල් යුද සමයේදී, රාජ්‍යය සහ විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් දසදහස් ගණනක් ජනතාව පැහැරගෙන යන ලදි. එම සිදුවීම්වලින් බහුතරයක් තවමත් නොවිසඳී පවතී.

“මෙම සම්මානය මට හිමිවන්නක් නොවේ. එය වසර 35කට වැඩි කාලයක් පුරා නොපසුබටව අරගල කළ පවුල් වෙනුවෙන් පිරිනැමෙන්නකි,” යනුවෙන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

වසර 30කට වැඩි කාලයක් පුරා, සත්‍යය, යුක්තිය සහ වගවීම උදෙසා වන පොදු අරගලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට අයත් පවුල් ඒකරාශී කිරීමට ඒ මහතා කටයුතු කර තිබේ.

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මානය වන පර් ඇන්ගර් සම්මානය මාර්තු 24 වැනිදා පිරිනැමීමට නියමිතය.

Sweden Herald විසින් නිකුත් කළ පුවතේ සිංහල පරිවර්තනයකි.

Social Sharing
නවතම පුවත්