
ඊයේ අලුයම යාපනය ප්‍රදේශයේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩි තැබීමක් සිදුකළ අතර ඉන් 17 හැවරිදි තරුණයෙක්ට දිවි අහිමි වීය. මෙය එක් පාර්ශවයකින් නීතියේ ක්‍රියාකාරිත්වය ගැන බරපතල ප්‍රශ්නයක් වන අතර, අනෙක් පාර්ශවයෙන් අපේ සමාජ විනය පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් ද වේ.
නීතිය පවසන්නේ කුමක්ද?
ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව පොලිසියට බලය භාවිතා කළ හැක්කේ ඉතා සීමිත පරාසයක පමණි. ඒ අනුව අවම බලය (Minimum Force) යටතේ යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී මාරාන්තික තර්ජනයක් නොමැති නම්, භාවිතා කළ යුත්තේ අවම බලයයි.
ඒ අනුව වෙඩි තැබීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ, රථයක් අණ නොතකා ධාවනය වූ විට පළමුව ගුවනට වෙඩි තැබීමක් සිදුකළ යුතුය. අනතුරුව රෝද වලට වෙඩි තැබීම සිදුකළ යුතුය. ඒ අනුව රියදුරු ඉලක්ක කර වෙඩි තැබීම යුක්ති සහගත වන්නේ, ඔහුගෙන් පොලිසියට හෝ මහජනතාවට මාරාන්තික තර්ජනයක් එල්ල වූ විට පමණි.
මෙම සිදුවීමේ දී රියදුරු මෙන්ම පොලීසිය යන දෙපාර්ශයේම වරදවල් සිදු වී තිබේ. ඒ අනුව මෙම සිදු වීමේ දී 17 හැවිරිදි තරුණයා බලපත්‍රයක් නොමැතිව රථය ධාවනය කිරීම බරපතල වරදකි. එහිදී පොලිස් අණ නොතකා පලායාම සැකයක් ඇති කරන ක්‍රියාවක් වන අතර ඇතැම් විට ඔහු මේ අයුරින් ධාවනය කිරීම බියෙන් හෝ නොදැනුවත්කමෙන් ගත් තීරණයක් විය හැක. අවසානයේ සිදු වූයේ රටට වටිනා ජීවිතයක් අහිමි වීමයි.
මෙම සිදුවීමේ දී පොලිසියෙන් සිදුවූ වරද වන්නේ රථයක් නොනවත්වා පලාගිය පමණින් එය නැවතීමට රියදුරු ඉලක්ක කර වෙඩි තැබීම සුදුසු යන්න ප්‍රශ්න සහගතය. තාක්ෂණය දියුණු යුගයක වාහන අංක තහඩුවට අනුව හෝ මාර්ග බාධක හරහා අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබිය දී ජීවිතයක් අහිමි වීම කණගාටුදායකය.
මෙවැනි සිදු වීමකදී අපට ඉගැනීමට ඇති පාඩම වන්නේ මහ මගදී පොලිස් නිලධාරියෙකු රථය නවත්වන්නට සංඥා කළහොත් කිසිම හේතුවක් මත අණ නොතකා ධාවනක කිරීමක් හෝ පලා යෑමක් සිදු නොකිරීමයි. එහිදී බලපත්‍ර නැතිනම් හෝ වරදක් වී ඇත්නම් ඔබට දඩය ගෙවීමට හැකියාව ඇත. එසේ නොමැතිව පලායන රථයක් නිරීක්ෂණය කරන පොලිසිය සැක කරන්නේ ඔවුන් බරපතල අපරාධකරුවන් බව හෝ පුපුරණ ද්‍රව්‍ය ඔවුන් සතුව ඇති බව විය හැකිය. එවැනි අවස්ථාවල තීරණ ගන්නේ තත්පර ගණනකින් බැවින් වටිනා ජීවිතයක් රටට අහිමි විය හැක.
උපුටා ගැනීම අජිත් කුමාර මහතාගේ ෆේස් බුක් පිටුවෙනි.
