සැකකරුවන්, සාක්ෂිකරුවන් හෝ වින්දිතයින් ඇතුළු පිරිස් පොලිස් ස්ථාන වෙත කැදවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් පිළිබදව දැනුවත් කරමින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් RTM 101 – CRTM 61 යටතේ 2025 ජූලි 02 දින ලංකාවේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරමින්, විමර්ශණ කටයුතු සදහා පොලිස් ස්ථාන වෙත තැනැත්තන් කැදවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බනධව විශේෂ නියෝගයක් නිකුත්කර තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයා මෙම නියෝගය පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇත්තේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC/(FR) 266/2023 දරණ නඩුවට අදාලවය.
ඒම නියෝගයට ඒ අනුව,
යම් කිසි තැනැත්තෙක් පොලිස් ස්ථානය වෙත කැදවීමේ දී ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා /දෝෂාරෝපණ සම්බන්ධව ප්‍රමාණවත් පූර්ව දැනුම්දීමක් සිදු කර තිබීම
සාක්ෂිකරුවෙකු පොලිස් ස්ථානය වෙත කැදවීමේ දී එම තැනැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබදව ප්‍රමාණවත් දැනුම්දීමක් සිදු කර තිබීම.
ඉහත කාරණාවන්ට අමතරව කිසියම් පුද්ගලයෙකු පොලිස් ස්ථානය වෙත කැදවන්නේ නම්, එසේ කැදවීමට හේතුව පිළිබදව ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු කර තිබීම ඇතුළු කාරණා පිළිබදවත්, අදාල සියළු කැදවීම් පොලිස් සථානාධිපතිවරයාගේ දැනුවත් භාවය, වගකීම හා ඔහුගේ අභිමතය අනුව සිදු කළ යුතු බවත් ඒහි සදහන් ව තිබේ.
ඉහත දක්වා ඇති නියෝග සම්බන්ධව සියළුම පොලිස් නිළධාරීන් දැනුවත් කළ යුතු බවටද මෙම නියෝගයේ සදහන් වේ. අදාල නියෝගය පහත දැක්වේ.