කෝවිඩ් වසංගයට හා අර්ථික අර්ඹුදය හමුවේ කඩා වැටුන ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සදහා තවත් මාස 3කට අත්හිටවූ ”පරාටේ” නීතිය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නැවත ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ලංකා සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනආරච්චි මහතා පවසා සිටියේ 2022 අගෝස්තු වන විට ශ්‍රී ලංකාවේ කාර්මාන්ත 263,000ක් මේ වන විට සම්පුර්ණයෙන් වසා දමා ඇති බවත්, මෙසේ ව්‍යාපාර කඩා වැටීමට හේතුව රටේ ආර්ථිකය කඩා වැටීම බවත්, එය ව්‍යාපාරිකයින්ගේ දුර්වලතාවයක් නොවන බවත්ය. ඒ නිසා මේ පිළිබදව රජය විශේෂ අවධානය යොමු කරමින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම තවත් වසරකින් ප්‍රමාද කර ව්‍යාපාරිකයින්ට නැගී සිටීමට තව දුරටත් කාලයක් ලබා දිය යුතු බව ලියනආරච්චි මහතා පවසයි.
“පරාටේ” පනත මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම සදහා ස්ථාපිත කර ඇතත්, මේ වන විට පුද්ගලික බැංකු මුල්‍ය ආයතන මෙම නීතිය අනුව කටයුතු කිරීම නිසා ව්‍යාපාරිකයින් විශාල ගැටළුවකට මුහුණ දී ඇති බවත්, ඇතැම් බැංකු මේ වන විටත් සමහර ව්‍යාපාරිකයින්ගේ දේපල පවරාගෙන ඇති බවත් ලියනආරච්චි පැවසීය.