අවුරුදු 5ට පොලිස් අත්අඩංගුවේ සිටි 79ක් මැරිලා – තත්ත්වය පාලනයට පොලීසියට මාර්ගෝපදේශ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි අණුව 2020 වර්ෂයේ සිට 2025 මාර්තු දක්වා කාල සීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි.

මේ සම්බන්ධව අනිද්දා පුවත්පතේ ලසන්ත රුහුණගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ පොලිස් අත්අඩංගුවේදි 49 දෙනෙකු මියගොස් ඇති බවත්, පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව අයුධ පෙන්වීමට යාම වැනි අවස්ථාවලදී ඇති වූ ගැටුම් වලදී තවත් 30දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී ඇති බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් අත්අඩංගුවට පත්වන තැනැත්තන් සම්බන්ධයෙන් මින් ඉදිරියට පොලීසිය විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. මේ වන විට එම මාර්ගෝපදේශ සහ නිර්දේශ පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් වෙත ලබා දී තිබේ.

පසුගිය ජුනි 26 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධාන කළ  වදහිංසාවට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින උත්සවයට සහභාගී වූ වැඩ බල පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කලේ කොමිෂන් සභාව විසින් නිකුත්කල ඇති මාර්ගෝපදේශ සහ නිර්දේශ මේ වන විට පොලිස් චක්‍රලේඛනයක් ලෙස සියළුම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසිය වෙත නිකුත්කළ ඇති අදාල මාර්ගෝපදේශ සහ නිර්දේශ වෙත පහත ලින්කුව ඔස්සේ  ප්‍රවේශ විය හැක.

https://www.hrcsl.lk/wp-content/uploads/2020/02/2025-%E0%B6%85%E0%B6%82%E0%B6%9A-01-%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B4%E0%B7%99%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B7%8F%E0%B7%8A%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%8A%E0%B7%81-Final.pdf

Social Sharing

නවතම පුවත්