ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන වතුකරයේ ජීවත්වන මලයහම් ප්‍රජාව තවමත් ජීවත් වන්නේ ඉතා අවම පහසුකම් යටතේය. මේ වන විට ඔවුන් ශ්‍රී ලංකාව වෙත පැමින වසර 200ක් ඉක්මව ගොස් ඇතත්, ඔවුන්ගෙන් අති බහුතරයකට තවමත් ඔවුන්ට කියා බිම් අගලක හෝ ලබා දී නොමැත. මොවුන්ගෙන් වැඩි දෙනා අදටත් ජීවත්වන්නේ එදා බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද 10’x12 ½’ ප්‍රමාණයේ ලැයිම් කාමර තුළය.
සියවස් දෙකක් පැරණි මෙම ලැයිම් කාමර වැඩි ප්‍රමාණයක් මනුෂ්‍ය වාසයට නොසුදුසු මට්ටමේ පවතී. ඒමෙන්ම ඔවුන්ට තවමත් අවම වැටුපක් පවා නොලැබේ. මෙම ලයින් කාමර වතු අධිකාරීවරයාගේ පාලනය යටතේ පැවතීමත්, ප්‍රධාන මාර්ග මෙන්ම සේවා මධ්‍යස්ථානවලින් ඈත්ව හුදකලා පරිසරයක පිහිටා තිබීම හේතුවෙන් මෙම පිරිස් සාමාන්‍ය සමාජයෙන් කොන්ව විවිධ අපහසුතා මැද ඉතා ඛේදනීය ජීවිතයක් ගත කරයි.
මේ පිළිබදව රජයේ මෙන්ම සමාජ අවධානය යොමු කිරීම සදහා විකල්ප ප්‍රථිපත්ති කේන්ද්‍රය (CPA), ඌව ශක්ති පදනම, සුය ශක්ති පදනම ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව, වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති මලයහම් ප්‍රජාව මුහුණ දෙන සමාජ ආර්ථික හා සංසංස්කෘතික ගැටළු පිළිබදව සාකච්ඡා කෙරෙන “200+: අරගලයෙන් ඔබ්බට” තේමාව යටතේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2025 ජුනි 23 සහ 24 යන දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සදහා බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මලයහම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබදව තේමාවන් හතරක් ඔස්සේ ජායාරෑප කතා 25ක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ඡායාරෑප කතා නිර්මාණය ඉහත දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරන මලයහම් ප්‍රජාවේ ම තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේ සුවිශේෂත්වයයි.