හොඳම විදිය සමුරායි විදිය.., – මහේෂ් හපුගොඩ

ඊශ්‍රායල් ඉරාන ගැටුම අවසන් වෙන්න ඕනි හොඳම විදිය නම් දෙගොල්ල මරාගෙන දෙගොල්ලම ඉවරවෙලා මේක ඉවරවෙන එක. මොකද මේ දෙගොල්ලන්ටම ඓතිහාසික ශිෂ්ටාචාර තුවාල තියනවා. ඒ තුවාල හොඳකර ගන්නවට වඩා කරන්නේ දවසින් දවස ඒවා පාරවගෙන ඒ තුවාල එක්ක විනෝද වෙන එක. ඒ විනෝදය එක්ක දේශපාලනය කරන එක.

මිනිස් ඉතිහාසය කියන්නෙම ශෝකාන්තයක්. ඉතිහාස පිටු පෙරළලා බලන්න. ඒ නිසා දේවල් නරකම විදියට ඉවරවෙන්න තියන ඉඩකඩ වැඩියි.

ඊශ්‍රායලය මෙතෙන්ට ආවෙත් යහපත් විදියට නෙවෙයි. මිනිස් ඉතිහාසය ඔවුන්ට සැලකුවෙත් අහිංසක විදියට නෙවෙයි. අහිංසක විදියට සලකන්න ඔවුන් ඔවුන්ගේ ඉතිහාසය ඇතුලේ අහිංසකයොත් නෙවෙයි. මම කියන්නේ අපි හැමෝම අහිංසක නැහැ.

බටහිරත් එක්ක එකතුවෙලා දැනට ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ යම් තරමක් හයිය රටක් වෙච්ච ඉරානය ඉවරකරන්න ඊශ්‍රායලය හදනවා වෙන්න පුළුවන්. මීට කලින් ඇමෙරිකාව ඉරාකය ලිබියාව වගේ රටවල් ඉවරකරා වගේ. ගාසා නම් දැන් අළු ගොඩක්.

ඉරානය පැත්තෙන් ගත්තම උන්ට තියෙන්නේ සමුරායි ගේමක්  ගහන්න. ඒ කියන්නේ හදමින් ඉන්න හෝ හදල ඉවර කරලා තියන මොනවා හරි ලබ්බක් දමල ගහල (වචනය සෝමවංශ අමරසිංහගේ) ඊශ්‍රායලය ඉවරකරලා ඒකෙ ප්‍රථිපලයක් හැටියට තමනුත් සියදිවි හානිකර ගන්න.

මොනවා හරි දෙයක් වෙන්න මේ යුද්ධයේ අවසානයක් කරාම යන්න. එතකොට විතරයි සතුරා දෙවරක් හිතන්නේ.

නිකම් හිතන්න චීනේ පොර ටෝක් එකයි දෙකයි ඉෂූ කළේ ට්‍රම්ප් පොඩ්ඩක් පස්සට ගියා. මොකද උන්ට දාල යන්න බැරි ගොඩක් දේ තියනවා. ඒ නිසා පූර්ණ යුද්ධයකට යන්නේ නැහැ.

Social Sharing

නවතම පුවත්