අපට සමීප ඉන්දියානු උප මහද්වීපික කළාපීය සිනමාවේ ප්‍රධාන ලක්ෂණය පුරුෂ ෆැන්ටසිය හරහා උත්කර්ෂයට පත්වන ස්ත්‍රිය නැතිනම් පෙම්වතියයි. එය ජනප්‍රිය සහ කලාත්මක යන ඕනෑම සිනමාවකට පොදුය.
බෙංගාල, කේරල, බොලිවුඩ්, කොලිවුඩ්, ලාංකේය ඕනෑම සිනමාවක බහුතර කෘතීන් සංඛ්‍යාවක ප්‍රධාන වස්තු විෂය තුළ විෂම ලිංගික ප්‍රේම කතාව ප්‍රමුඛවන අතර එම ආදරය පසුබිමේ සමහරවිට සමාජීය, දේශපාලන ආර්ථික, ..ඈ සියලු ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
දකුණු ආසියානු කලාපයේ පුරුෂාධිපත්‍ය හෝ පුරුෂ මූලික සමාජීය ව්‍යුහය, සහ පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය (masculinity and femininity) පිළිබද පරිකල්පනයේ සීමාවට සිනමාව අනෙකුත් කලාවන් සේම එහි විවිධ ෂානර හරහා විශාලතම බලපෑමක් කරයි. ධර්මේන්ද්‍ර, බච්චන්, ෂිවාජි, රැජ්නි,ගාමිණී, විජය ආදී සියලු පිරිමි පෞරුෂයන් හරහා උපජාතික ලෙස නියෝජනය වුවත් මේ හැම චරිතයක්ම පුරුෂ ෆැන්ටසිය, ආශාව, සහ පුරුෂ ප්‍රචණ්ඩත්වය සිනමාව තුළ නිරූපණය කළ නියෝජනයන්ය. සමහර විරළ අවස්ථාවන් වල සමහරවිට ස්ත්‍රීවාදීමය සිනමාවක් ද නොපවතින බව ඉන් අදහස් නොවෙයි.
මෙම සිනමාව තුළ විශේෂත්වය වන්නේ සියලු පුරුෂ මූලික පුරුෂාර්ථ සමහරවිට වීරයා සහ දුෂ්ටයා හරහා නැවත යුක්තිසහගත වීම සහ එම ක්‍රියාවලියේදී ස්ත්‍රිය එම බල ව්‍යූහයට යටත් කරනු ලැබීමයි.
ප්‍රධාන ධාරාවේ සිනමාව සමාජීය වශයෙන් පුරුෂ මූලික හර පද්ධතිය උත්කර්ෂවත් කරන අතරම ස්ත්‍රිය පිරිමියා ගේ ආශාවේ වස්තුව ලෙස ගොඩනංවයි.
ලාංකේය සිනමාවේ නිළි රැජිණවූ මාලිනීට ද වැඩි වශයෙන් සිදුවුනේ පුරුෂ වීරයාගේ පෙම්වතිය වීමටය. ආඩම්බරකාර, කෙළිලොල්, සුකුමළ, නාගරික, ගැමි, අහිංසක, විනීත, නිර්භීත, යටහත් ආදී ඕනෑම චරිත ස්වභාවයක් හරහා මාලිනි සමහරවිට නිරූපණය කළේ ඒ සියලූම ස්ත්‍රීත්වයන් පිළිබද පුරුෂ ෆැන්ටසීන් අවසන විෂම ලිංගික ප්‍රේමයේ ව්‍යූහයට යටත් වන ආකාරයයි.
ජනප්‍රිය සිනමාව වඩාත් ගතානුගතික ලෙස පුරුෂත්වය උත්කර්ෂයට නංවා ස්ත්‍රියගේ යටත්වීම යුක්තිසහගත කරන විට ප්‍රේක්ෂකයා වන අප ද පෙමින් වෙලුනේ පුරුෂත්වයට යටත් වූ subdued woman ස්ත්‍රිය අපගේ ද පෙම්වතිය කරගැනීමේ ෆැන්ටසිය තුළය.
සමහරවිට ‘”බඹරු ඇවිත්”‘ වැනි කෘතියක් වැදගත් වන්නේ මෙම පූරුෂ ෆැන්ටසියට හසුවන ස්ත්‍රීත්වය සහ එම පූරුෂ මුලික සමාජ ව්‍යූහය දෙස විචාරීයව critical perspective බැලීමට ප්‍රේක්ෂකයාට ඉඩ සැළසීම නිසාය. කඩවසම් බේබි මහත්මයාගේ ආදරයට යටත් වීමත්, රළුපරළු සිරිල් ප්‍රතික්ෂේප වීමත්, ප්‍රචණ්ඩ ඇන්ටා ඇතුළු නඩයේ තර්ජනයට ලක්වීමත්, සේම පියාගේ සහ මවගේ කටුක දෝෂාරෝපණයට ලක්වීමත් හරහා හෙලන් තුළින් ප්‍රක්ෂේපණය වන්නේ පුරුෂාධිපත්‍යට යටත්වීමට ස්ත්‍රියකට සීදුවීම යථාර්තයක් බවත් සහ ස්ත්‍රිය යනු ද්විතීක මනුෂ්‍යත්වයක් බවයි.
හෙලන් ව්‍යතිරේකයක් වුව මාලිනීගේ බහුවිධ ස්ත්‍රී සිනමා චරිතයන් හරහා අපට මෙම යථාර්තය විවිධ ලෙසට සිනමානුභූතිකව දැකිය හැක. මාලිනී හෙලන් ලෙස පීඩිත ස්ත්‍රීත්වය නිරූපණය කළත්, වෙනත් පෙම්වතියක් ලෙස වීරයාට ආදරණීයව යටත් වුවත්, ඒ සියලු චරිත සිනමාවේ ම චරිත වශයෙන් ඇය දූටුවාය. සිනමාව සහ සැබෑ ජීවිතය අතර සමහරවිට දෘෂ්ටිවාදීමය බෙදීමක් ගැන ඇය නොසිතන්නට ඈත. ඇය සිනමා තිරය හරහා ප්‍රේක්ෂකයා විප්ලවීය මාවතකට ප්‍රවේශ කරනු වෙනුවට එය ඔහුගේ වින්දනයේ මාවත බවට පත් කළාය.
එබැවින් ඇය ස්ත්‍රීවාදය හෝ වෙනත් රැඩිකල් භාවිතාවක් සැබෑ ජීවිතයේ සේම සිනමා තීරය තුළ ද අනුදත්තේ නැත. කෙසේනමුත් සිනමාවේ දිගු ගමනක්, අඛණ්ඩව පැමිණි ඇය සිනමා තිරය මත නිරූපණය කළ ස්ත්‍රීත්වයේ බහුවිධතා සංකීර්ණය තුළ පුරුෂත්වයේ බැල්මට male gaze යටපත්වුවත් ඒතුළ පොදු මනුෂ්‍යත්වය පිළිබදව අපට ඉතිරිකරන සෞන්දර්යාත්මක හා මානවීය වටිනාකම් සදාතනික වනූ ඇත. එහිදී ඇය අපගේ යුගයේ විෂම ලිංගික ආදරයේ ඇදූරුතුමිය බවට පත්වෙයි….