කණ පැලුවාට තඹුත්තේගම පොලීසියේ 6කට ලක්ෂ 12ක් ගෙවන්න නියම වෙයි.

2012 වසරේදී තඹුත්තේගම පොලීසියට එරෙහිව පැවති විරෝධතා පාගමනකට සහභාගී වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අදාළ වන්දි මුදල පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඊට අමතරව වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට එරෙහිව 1992 අංක 22 දරණ කෲර වදහිසංනට එරෙහි පනත යටතේ නඩු පැවරීම ඇති හැකියාව අධ්‍යයනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

2012 අගෝස්තු 03 වන දින තඹුත්තේගම රැජින හන්දියේ කොමිනිකේෂන් ආයතනයක් පවත්වාගෙන ගිය සුසිල් ප්‍රියංක ඇතුළු තවත් පිරිසක් වෙත තඹුත්තේගම පොලීසියේ නිළධාරීන් හයදෙනෙකු විසින් සිදු කළ පහර දීම නිසා සුසිල්ගේ කණ අඩියක් පැලී තිඹුණි. පහරදීමෙන් පසුව පොදු දේපල වලට හානිකර කළ බවට ඔහුට විරුද්ධව බොරු නඩුවක්ද පවාර තිබුනි. එම නඩුව ද තවමත් විභාග වෙමින් පවතී.

සුසිල් ප්‍රියංක සෙනෙවිරත්න මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජේ.සී වැලිඅමුණ, පුලස්ති හේවාමාන ඇතුළු ජේෂ්ඨ නීතිඥ කණ්ඩායමක් වසර 13කට ආසන්න කාලයක් තිස්සේ මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටින ලදී. මෙම කෲර පොලිස් පහරදීම වාර්තා වූ දින සිට සුසිල් ප්‍රියංක ඇතුළු තරුණ පිරිසගේ අයිතිවාසිකම් වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය අඛන්ඩව පෙනී සිටින ලදී.

අදාල නඩු තීන්දුව පහත

https://supremecourt.lk/?melsta_doc_download=1&doc_id=28ab2331-8f59-47e9-a412-4661929edc70&filename=sc_fr_690_2012.pdf

 

Social Sharing
නවතම පුවත්